IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මැතිවරණ වලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදි වලට සම්බන්ධද? නැද්ද?යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නාම යෝජනා ලබා දීම, ඉදිරිපත් වන ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස තීන්දුවක් ගත යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් තම පක්ෂය සමග කටයුතු කළ සහෝදර දේශපාලන පක්ෂ, වමේ හා අනෙකුත් දේශපාලන පක්ෂ හා ඒ බොහොමයක් නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව හෙතෙම පැවසීය.

මැතිවරණයට දින තීන්දු වූ පසු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ප්‍රකාශ කරන බවත් කෙසේ නමුත් අප ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 



අදහස් (21)

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්න පොලිස් වාර්තාව අනිවාර්යයි

අබා Sunday, 19 October 2025 11:41 AM

අම්මෝ ... හොරෝ.. නැත්තං මිනිමැරුම් දූෂණ වංචා ආච්චි කරපුවා කියලා ලියුමක් අරං පක්සෙට ඒන්න බැරිද බොස්..@

:       0       4

උකුස්සා Sunday, 19 October 2025 11:41 AM

ඇති යන්තම් පිළිගත්තා ඔන්න ඔහොම එන්න. හැබැයි ඉස්සෙල්ලම වාර්තාව ඔබ තුමාගේ හොඳේ...

:       0       5

Mahinda Sunday, 19 October 2025 11:47 AM

පොලිස්වාර්තා නොවෙයි තවුතිසා දිව්‍ය ලෝකයෙන් ලියුම් ගෙනාවත් ඔය රාජපක්ෂ කල්ලියට අයිති කිසිම දිනක වැලිකඩ හැර අන්කිසි තැනක ඉඩක් නෑ..

:       0       4

Akila Kularatnne Sunday, 19 October 2025 11:59 AM

ශා නියමයි.. එහෙම වුණොත් නාමල් රාජපක්ෂත් ලෙෆ්ට්.. නඩු ගණනාවක් තියනවානේ.. ඇකියුස් කෙනෙක්නේ...

:       0       4

Perera Sunday, 19 October 2025 12:02 PM

එහෙමනම් නාමල්ටත් ඉල්ලන්නත් බැරිවෙනවනේ...

:       0       5

Ravi Sunday, 19 October 2025 12:23 PM

දැන් ඉන්න අයගේ පොලිස් වාර්තාවක් ඉක්මණට ඕනේ නැද්ද?.. නැත්නම් ඉස්සරහට එක එක එක්කනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර කර ඉන්න වෙන්නේ..

:       0       3

Chandana F Sunday, 19 October 2025 12:23 PM

දැන්ද මතක් වුණේ...?

:       0       3

Pankumburage Sunday, 19 October 2025 12:26 PM

හිනා ගස්සලා මරවන්න එපා...

:       0       4

de silva Sunday, 19 October 2025 12:40 PM

එහෙම වුණොත් ඉන්න සෙට් එකෙන් 90% කැපෙනවා...

:       0       3

ෙ ර ද් ද Sunday, 19 October 2025 12:42 PM

ඇත්තට? ෂා නියමයි... පොලිසිය මිද්දෙණියේද?

:       0       3

dama Sunday, 19 October 2025 12:48 PM

එත​කොට ඔයාටත් බැහැනේ නාමල් බබා...

:       0       5

Rata Perata Sunday, 19 October 2025 01:10 PM

නිකන් බොරු කියන්නේ නැතිව ඉන්න. එහෙම වුණොත් ඉස්සර වෙලාම තමුන් දේශපාලනයෙන් සමුගන්නා කාලය ඒවි.

:       0       4

ප්‍රියා Sunday, 19 October 2025 01:14 PM

හැමදාම ජාතික ලැයිස්තුවෙන් තමයි...

:       0       6

කල පල Sunday, 19 October 2025 01:48 PM

සරං, කලිසං, අමුඩය සහ?

:       0       2

දීපාල් Sunday, 19 October 2025 01:49 PM

අනේ ඔයාගෙ මොලේ... කෙහෙල් ඉෂාරා ඇල්ලුවේ නැත්නම් සාමාජිකයන්ගේ පොලිස් සහතික හොඳයි නේද... පොඩ්ඩක් හිටපන් අනික් ටිකත් අල්ලනකම්.... පොලිස් සහතිකේ ඇපයට දෙන්න ට්‍රයි එක..

:       0       3

ගමේ එකාලා Sunday, 19 October 2025 02:09 PM

පොහොට්ටුවේ වැඩි හරියක් ඉන්නේ පට්ට හොරු, දූෂිතයෝ. ඔවුන් කරලා තියෙන වැඩවල හැටියට පොලිස් වාර්තාවක් වුණත් හොරට හදාගන්න බැරිකමක් නැහැ.

:       0       5

ගුණරත්න Sunday, 19 October 2025 02:09 PM

හොඳ අදහසක්, අනෙත් පක්ෂත් මේ ක්‍රමය අනුගමනය කළ යුතුයි.

:       1       3

Prabath Sunday, 19 October 2025 02:16 PM

ඔය අනිත් පක්ෂත් ඕක කළා නම් හොදයි වගේ... මොකද කළින් කාලා බලලා නෙවෙයිනේ අරගෙන තියෙන්නේ ඊබ්‍රහිම් එහෙම...

:       1       1

Siri Sunday, 19 October 2025 02:19 PM

වැඩේනම් අපුරුයි, හා හාපුරා කියලා මුන්නැහේ කරපු කියපු දේවල් ගැන සම්පුර්ණ පොලිස් වාර්තාවක් අරගෙනම වැඩේ පටන්ගත්තා නම් තමා හොඳ...

:       2       12

Mohan Sunday, 19 October 2025 02:29 PM

ගොන් වැඩ නොකර ඉන්න.

:       2       3

K N Kumarasiri Sunday, 19 October 2025 02:32 PM

එක්කෙනෙක්වත් හොයාගන්න බැරිවෙයිද?

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site