IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පොලිසියට බේත් කරයි

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය  රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සහ එම පවුල් වල සාමාජිකයින්ගේ සුවතාවය වෙනුවෙන් පවත්වනු ලබන  "ආරෝග්‍යා" ජංගම සුව සායන වැඩසටහනේ පළමු වැඩසටහන  ශ්‍රී ලංකා පො‌ලිස් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් කොට්ඨාස කේන්ද්‍ර කර ගනිමින් අද(10)පැවැත්විණි.

සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමාව යටතේ පැවැති මෙම "ආරෝග්‍යා” ජංගම සුව සායනය සඳහා කැලණිය, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාස වල පොලිස් ස්ථාන නියෝජනය කරමින් 600 කට අධික කාර්ය මණ්ඩලයක් එක්ව සිටියහ,

මෙම ජංගම සායනයෙන් බටහිර වෛද්‍ය සායනය, අක්ෂි සායනය, දේහ ස්කන්ධ දර්ශකය පරීක්ෂා කිරීම, නිදර්ශක ලබා ගැනීම, රසායනාගාර සේවා, රුධිර පීඩනය මැනීම, දන්ත සායනය, රුධිර සීනි පරීක්ෂාව, කොලස්ටරෝල් පරීක්ෂාව, ආයුර්වේද වෛද්‍ය සායනය, මානසික උපදේශක සේවා, ඖෂධ ලබාදීම, සහ පෝෂණවේදී උපදෙස් ලබාදීම ද සිදු කෙරුණි.

මෙම ජංගම සායනයෙන් හඳුනා ගනු ලබන රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබූ අතර, කොළඹ ජාතික රෝහල, මීගමුව රෝහල ඇතුළු රෝහල්වල විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ජංගම සායනය පැවැත්විණි.

සුවපත් රටක් උදෙසා "Healthy Sri Lanka" යන තේමා පාඨය යටතේ මෙරට සියලු ජනතාවට ශාරීරික, මානසික නිරෝගි ජිවිතයක් ගත කිරිමට ප්‍රශස්ත සෞඛ්‍ය සෙවාවක් ලබාදීම සඳහා මෙම වැඩසටහන අඛණ්ඩව දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවැසීය.



අදහස් (0)

පොලිසියට බේත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 679 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17804 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 755 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site