IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බව කී අමාත්‍යවරයා  මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වන්නේ  මුඛ පිළිකාව යැයි සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ අදට (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා  ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේ දී පැවැත්විණි.

“සුවැති මුවක් - සුවැති මනසක්” යන්න තේමා කරගනිමින් මෙම වර්ෂයේ දී ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය එක්ව මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබිණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය මෙවර 12 වන වරට සමරනු ලබන අතර 2013 වර්ෂයේ දී ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය මගින් මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි.



අදහස් (1)

පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා

රුවන් Friday, 21 March 2025 06:59 AM

ප්‍රධාන හේතුව චුං පාන්, පැණි බීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1002 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site