
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හිටුවීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
සමුගැනීමේ සාදයක් අතර තුර ඇති වූ ගැටමකින් සිසුන් දෙදෙනකු තුවාලැබීම මෙම තීරණයට හේතුව බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
එම සිසුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එක් සිසුවකු ශල්‍ය කර්මයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.
එවැනි වාතාවරණයක් තුළ ඉකුත් 15 වැනි දින රාත්‍රී කාලයේදී නැවතත් සිසුන් එක්රැස්වී ගැටුමකට සූදානම් වන බවට විශ්ව විද්‍යාල පාලන අධිකාරියට වාර්තා වීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ඒ පිළිබඳව අවධානය යොමු කොට සිසුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම පිණිසත් විශ්ව විද්‍යාලයේ නීතිය හා සාමය කඩවීම වැළැක්වීමටත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග ආදිය කල්යාම වැළැක්වීමටත් ගැටුම ව්‍යාප්ත වීම අවම කිරීමටත් 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙන් උපකුලපතිවරයාට පැවරී ඇති බලතල අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ඉහත නියෝගය නිකුත් කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න හොඳට හම්බවෙන්න යන්නේ
පෙම්බර මදූ මගේ, මා නැතේ ඔබෙන් මිදුණේ ...
දායක සභාව සාදු නාදයක් දෙන්න බලන්න