ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’ යැයි රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
රුසියන් ජනාධිපතිවරයා ට්‍රම්ප් වර්ණනා කර ඇත්තේ රුසියාවේ සෝචි නුවර උත්සවයක් අතරතුරේය. ‘ට්‍රම්ප් ධවල මන්දිරයට ආ පළමු ධුර කාලයේදී හැමෝම ඔහුට වටකර ගනිමින් පහර දුන්නා. ඔහු සැලුණේ නැහැ. යළි ජනාධිපති වෙන්න ඔහු උත්සාහ ගනිද්දී ඔහුට කෙණෙහිලිකම් කළා ඒත් ඔහු සැලුණේ නැහැ. ඝාතනය කිරීමට උත්සහ ගත්තා. ඒත් ඔහු පරාජය බියට පත්වුණේ නැහැ’ යැයි පුටින් පවසා ඇත.
තමන් ජනාධිපති වුවහොත්, දිනක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධයට පැහැදිලි විසඳුමක් ලබා දී, එය සමතයකට පත් කරන බවට ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රතිඥා දී ඇත. මේ ගැන අදහස් දක්වමින් පුටින් පවසා ඇත්තේ ට්‍රම්ප් යෝජනා කරන්නේ කුමක්දැයි අසා දැන ගැනීමට තමන් උනන්දුවෙන් පසුවන බවය.
(ඒ.එෆ්.පී.)
වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැ
රුපියල් කෝටි පන්සිය හැත්තෑවක බදු නොගෙවා පැහැර හරින ලදැයි කියන සිද්ධියක් හේතුවෙන් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීම
රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය.
මූල්‍ය අරමුදලේ ගිවිසුමට සංශෝධන කර තිබෙන අතර එහි ප්‍රතිඵල අයවැයෙන් දැනගන්න හැකියාව තිබෙන්නෙ යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේද
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි