
පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන මමීකරණයට ලක් වුණු අසාමාන්‍ය සිරුරු දෙකක්, ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා ඇමෙරිකාවට යැවීමට මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන් පියවර ගෙන ඇත.
මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන්, ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් පමණක් නොව, යුරෝපා විද්‍යාඥයන්ගෙන් ද ඉල්ලා ඇත්තේ මෙම අසාමාන්‍ය සිරුරු පරීක්ෂා කර බලා ඒවායේ රහස් අනාවරණය කර දෙන ලෙසය.
මෙක්සිකෝ මාධ්‍යවේදී ජේමි මුසාන්, පිටසක්වළ ජීවීන් ගැන උනන්දුවක් දක්වන අයෙකි.
පසුගිය වසරේ සැප්තැම්බරයේ මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පිටසක්වළ ජීවීන්ගේ යැයි පවසමින් අසාමාන්‍ය කුඩා සිරුරු දෙකක් ඉදිරිපත් කළේ ද ජේමි මුසාන් ය. එම සිරුරු ගැන වැඩි දුර පර්යේෂණ කරන්නැයි මුසාන්ට මෙක්සිකෝ රජයේ අනුග්‍රහය ද හිමිවිය.
පිටසක්වළයන්ගේ යැයි සැක කෙරෙන මෙම නව සිරුරු පේරු රටේ සිදු කළ කැණීමකදී හමුවුණු බව මුසාන් පවසා ඇත.
එම සිරුරු මුලික පරීක්ෂණවලට යොමු කළ බවත්, ඒවා මනුෂ්‍ය සිරුරු නොවන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් මුසාන් පැහැදිලි කර ඇත.
(ඩේලිමේල් ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි බොරු කාරයෙක්. අපේ පාර්ලිමේන්තුවට නම් ඉතාම උචිත කෙනෙක්
අපේ පාර්ලිමේන්තුවට ඕන එවුන් නේද මේ අපරාදේ...!