IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පැන්ෂන් මන්ත්‍රීලාට ’’කරුණා දීමනාවක්’’

(සුජිත් හේවාජුලිගේ )

අගහිඟකම් ඇති විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කරුණා සහගත දීමනාවක් ගෙවීමට රජයේ අවධානය යොමුවී ඇත.

අගහිඟකම් දැනුම් දෙමින් ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙලෙස දීමනාවක් ගෙවීමට අදහස් කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විදේශයන්හි ලබා දෙන  වරප්‍රසාද හෝ පහසුකම්  මොනවාද යන්න ගැනද රජය අවධානය යොමු කර ඇත.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට නුදුරේදී ඉදිරිපත් කිරීමට නියමිතය. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය පසුගියදා ලැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ     පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කලත්‍රයන්( බිරිඳ හෝ සැමියා) 512 දෙනකුගේ  විශ්‍රාම වැටුප,   විශ්‍රාම වැටුප අහිමි කිරීමේ පනත්  කෙටුම්පත සම්මතවීමෙන් පසුව අහෝසි වී යනු ඇත.



අදහස් (1)

පැන්ෂන් මන්ත්‍රීලාට ’’කරුණා දීමනාවක්’’

Pankumburage Saturday, 22 November 2025 12:18 PM

කරුණා දීමනාව පැන්ෂන් එකට වඩා වැඩිවෙයිද දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 141 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 988 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site