IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පාසල් කාලය පස්වරු 2 දක්වාම තමයි

(යොහාන් භාසුර)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන වසරේ (2026) ජනවාරි මස සිට පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ වන බවත් 1 සහ 6 වැනි ශ්‍රේණිවල දරුවන්ට ජනවාරි මස සිට ‘මොඩියුල’ පාදකකරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (6) පැවසීය. බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාතයංශයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවැති නිල මාධ්‍ය හමුවේදී නාලක කලුවැව මහතා එසේ පැවසීය.

නව අධයාපන ප්‍රතිසංස්කරණ යටතේ 5 වැනි ශ්‍රේණියේ සිට ඉහළ පන්ති සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් කාලය දීර්ඝ කරන බවත් එම පාසල පැවැත්වෙන කාලය සියලුම ශ්‍රේණිවලට මිනිත්තු 50 කින් යුත් කාල පරිච්ජේද 7 කින් යුක්තවන බවත් කලුවැව මහතා සඳහන් කළේය.

පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සිසුන්ගේ පාසල් පැවැත්වෙන කාලය වන පෙරවරු 7.30 සිට 11.45 දක්වා කාලය වෙනස් නොවන බවත් තුන්වැනි සහ හතරවැනි ශ්‍රේණිවල දැනට පවතින පස්වරු 7.30 සිට පස්වරු 1.00 දක්වා කාලයේ ද වෙනසක් නොවන බවත් නාලක කලුවැව මහතා කීය. පාසල පැවැත්වෙන කාලය තුළ විවේක දෙකක් දීමට යෝජනා කර තිබුණ ද එය ප්‍රායෝගික නොවන නිසා විවේක කාලය දෙකක් දෙනවාද එකක් දෙනවාද යන තීරණය ගැනීමේ අවස්ථාව විදුහල් බලධාරීන්ට දී ඇති බව කී ඒ මහතා මෙරට සමස්ත පාසල් 10,076 ක පළමු ශ්‍රේණියේ දරුවන් 282,293 ක් සහ හය වැනි ශ්‍රේණියේ දරුවන් 323,896 කින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන බව ද සඳහන් කළේය.

මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ගුරුවරුන් පුහුණුකරුවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් පුහුණුකර අවසන් කර ඇති අතර පාළාත් නවය තුළ ගුරුවරු 136,065 ක් මේ වන විට පුහුණුකරමින් සිටින බවත් ‘මොඩියුල’ මුද්‍රණය අවසන් අදියරේ පවතින අතර ලබන ජනවාරි මස 1 වැනිදා වන විට ‘මොඩියුල’ ජනතාව අතට පත්කරකන බවත් ඒ මහතා කීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන 1 සහ 6 යන ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණිවල දරුවන්ට පෙර පරිදිම පෙළපොත් ලැබෙන අතර පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 15 ක් ලැබෙන බව කී කලුවැව මහතා පෙළපොත් අහිමිකරන්නේ යැයි ප්‍රකාශ කිරීම අසත්‍යයක් බව ද සඳහන් කළේය.

කාලපරිච්ජේදයක කාලය මිනිත්තු 50 ක් දක්වා වැඩි කිරීමට හේතුව දරුවන්ට ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව දීම බව කී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ තීරණ ගැනීමට පාසල් බලධාරීන්ට අවශ්‍ය චක්‍රලේඛණ නිකුත් කර ඇති බව ද සදඟන් කළේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියත්මක කිරීමට අවශ්‍ය ඩිජිටල් පහසුකම් ලබන මාර්තු මස වන විට පාසල් තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් මෙම වැඩසටහන ආරම්භයේදීම දරුවන්ට ඩිජිටල් පහසුකම් අවශ්‍යතාවක් නොවන බවත් ඒ මහතා කීය.

පාසල් 2,500 කට පරිඝනක හෝ සුහුරු පුවරු ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 1,900 ක් වෙන්කර ඇති අතර අන්තර්ජාල පහසුකම් නොමැති ද්විතීක පාසල් 1,873 කට එම පහසුකම් දීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

ඡායා ළහිරු හර්ෂණ

 



අදහස් (0)

පාසල් කාලය පස්වරු 2 දක්වාම තමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 220 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site