(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස්දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිලක යකඩ බටයක් කඩා වැටීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බීඕපී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එම්.කේ.ජී. දෙනුවන් සේනාරත්න නමැති පලුගස්දමන මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
සිය වැඩිමහල් සොහොයුරියගේ පුහුණුවීම් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට සඳහා මව ද සමග සමග මෙම දරුවා තෝපාවැව මහා විද්‍යාලයට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ක්‍රිඩා පිටියේ මැදට වන්නට මෙම පාපන්දු ගෝල සැකිල්ල රඳවා තිබී ඇති අතර තරගාවලින් පැවැත්වීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිසක් එක්ව මෙම පාපන්දු ගෝල සැකිල්ල ඔසවාගෙන යමින් සිටියදී දිරාපත්ව තිබූ ස්ථානයකින් යකඩ බටයක් කැඩී මෙම දරුවා මතට කඩා වැටී ඇතැයි මෙතෙක් සිදු කළ මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.
සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සමාර්ථ ලබාගත් සිසුවක් බව සඳහන් වන අතර දරුවාගේ ශරීරයේ කොටස් වෙනත් ආබාධිත දරුවකුට ලබා දීමට මවුපියන් කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ.
(චාපා මධුභාෂිණී)
පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස් දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිල්ලක් කඩා වැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බීඕපී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එම්.කේ.ජී දෙනුවන් සේනාරත්න නමැති පලුගස් දමන මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
සිය වැඩිමහල් සොහොයුරියගේ පුහුණුවීම් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට සඳහා මව ද සමග සමග මෙම දරුවා තෝපාව මහා විද්‍යාලයට ගොස් ඇත.
දරුවාගේ හිසට බරපත තුවාල සිදුව ඇති බැවින් තරමක බරපතල තත්වයක් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙටු පුත් යෝෂිත ර
ඓතිහාසික මිහින්තලා රජමහා විහාර භූමියට බීමත්ව වෑන් රථයකින් පැමිණි පිරිසක් එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමට උත්සාහ කළ බ
සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
රුපියල් ලක්ෂ 8 කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා යොදා ගත් බවට සැක කරන හමුදා නිල ඇඳුම් කොටස් කීපයක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අ
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන ඇතැයි පා
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රිරෝද රථ සොරාගෙන චැසි සහ එන්ජින් අංක මෙන්ම වර්ණ වෙනස්කර විකිණීමේ ජාවාරමක යෙදුණු හත් දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
පාපන්දු ගෝල් බටයෙන් අවසන් ගමන් ගිය ශිෂ්‍යත්ව හපනා
රුවන් Thursday, 13 February 2025 01:58 PM
මම දන්නා පාසලක ළමයෙක් මැරුණා. ඔහොම අලුත්ම තාප්පය යටවෙලා. ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේම කොන්ත්‍රාත්තුව ගත්තු කෙනාත් නිදහස් පක්ෂයේ දැන් පොහොට්ටුවේ සමාජිකයෝ. හදපු තාප්පය තීරණය කරපු මිලට වඩා ගොඩාක් අඩුවෙන් බාල විදියට හැදුවේ. අන්තිමට නඩුවත් යට ගියා...!
ගුණරත්න Thursday, 13 February 2025 05:41 PM
මේ තරම් ඉංජිනේරු මහත්වරු ඉන්න රටේ පාසල් පරීක්ෂා කරලා අවදානම් ස්ථාන අඳුරාගෙන ඒවා පිළිසකර කරන්නේ නැත්තේ ඇයි? පාසලේදී අනතුරු වෙලා එක ළඟ දරුවන් කිහිපදෙනෙක් මිය ගියා. එක ඉතාම නරක දෙයක්...
AjithFriday, 14 February 2025 02:50 PM
මම ලංකාවේ බිහිවෙච්චි ඉංඡිනේරුවෙක්. දැන් ඉන්නේ විදේශ රටක. ලංකාවේ හරි ප්‍රමිතියකට වැඩ කරනවා හරි අඩුයි. මේ වගේ අවාසනාවන්ත විදියට අනතුරු වලින් ගොඩක් දෙනා මරණයට පත්වෙන්නේ එකයි. නැතුව ගෙනාපු ආයුෂ ඉවර වෙලා නොවෙයි...
Udhuli Friday, 14 February 2025 01:23 PM
පුතණුවනි, ඔබට නිවන් සැප ලැබේවා. අකල් මරණයකට මින් මතු ගොදුරු නොවේවා...!