IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ  හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව  ආණ්ඩුකාරවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීම සඳහා යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලීමත් සමගම සැකකරු පලා ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

සැකකරුගේ සුඛෝපභෝගී ජීප් රථය සහ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.

පහර කෑ එම කාන්තාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත්ව ඇත.

ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි 34 හැවිරිදි කාන්තාවක සිදු කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක් ද සැකකරුට එරෙහිව ලබා ගත් බව පොලිසිය කියයි.

සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සැකකරු රැඳී සිටින බවට අනාවරණය වීමෙන් පසු එම හෝටලය වැටලූ පොලිසිය එය පරික්ෂා කළද ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝභෝගී ජීප් රථය හා ඒ තුළ තිබී ජංගම දුරකථනය පොලිස් බාරයට ගැනීමට කටයුතු කර ඇත.

මෙම පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර සැකකරු සහ එම කාන්තාව අතර පවතින යම් සබඳතාවයක් බිඳී යාම හේතුවෙන් අමනාප මෙම සිද්ධිය වන්නට ඇති බව පොලිසිය සැක කරයි.

 



අදහස් (4)

ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා

ravin Monday, 04 March 2024 07:46 AM

දේශපාලකයෙක් නේද? නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නකෝ...!

:       0       1

Lalla Monday, 04 March 2024 07:52 AM

දෙන්නම එක වගේ ඇති...

:       0       1

හාල්පාරු මුදියන්සේ Monday, 04 March 2024 08:05 AM

ප්‍රභු, කෝටිපති, ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ, ගෞරවයට පාත්‍රවූ යනාදී වචන පාවිච්චියේදී ඉතාමත් සැලකිලිමත් වුණොත් හොඳයි නේද?. හාල්පාරුවන්ට මේ වචන භාවිතා කිරීම නොවටිනා දෙයක් නේද?

:       0       10

ගමේ එකාලා Monday, 04 March 2024 03:39 PM

දූෂිත දේශපාලුවන්ට ප්‍රභූ කියන්නේ අහවල් දේකටද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 14 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site