IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


ප්‍රංශ තානාපති - ටිල්වින් හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් (Rémi Lambert) සහ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර හමුවක්  බත්තරමුල්ල පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී අද (13) පැවැත්විණි.

ප්‍රංශය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේ දී වඩාත් ශක්තිමත් ව පවත්වා ගැනීම සඳහා කටයුතු කරන බව ප්‍රංශ තානාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ  මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීම ගැන සිය සතුට පල කළ තානාපති රෙමී ලැම්බට් මහතා මාලිමා ආණ්ඩුව බලයට පත් වී ගෙවුණු වසරක කෙටි කාලය තුළ ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රශංසාව පළ කළේය.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා   ප්‍රකාශ කර සිටියේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දූෂණය පිටුදැකීම මහජන මුදල් නාස්තිය අවම කිරීම සඳහා ගෙවුණු කාලය තුළ වැඩි අවධානයක් යොමු කළ බවයි. 2026 වසරේ ආර්ථිකය ශක්තිමත් කරමින් මෙන්ම ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව කටයුතු කරමින් සිටින බවද සිල්වා මහතා ප්‍රකාශ කළේය.



අදහස් (0)

ප්‍රංශ තානාපති - ටිල්වින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 605 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 814 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 346 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site