IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පැෆ්රල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක්

(කේ බුද්ධික කුමාරසිරි)

ප්‍රධානතම මැතිවරණක් සදහා සූදානම් වන මොහොතේ රජය රාජ්‍ය සම්පත් හා රාජ්‍ය බලය ඉතා බරපතල අයුරින් දේශපාලන ව්‍යාපෘතීන් සඳහා භාවිත කරමින් පළාත් පාලන ආයතන සඳහා ආණ්ඩුකාරවරුන්ගේ නියෝජිතයන් ලෙස හිටපු පළාත් පාලන නියෝජිතයන් පත් කරමින් සිටින බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිෂන් සභාවට ජූලි මස 17 වන දිනෙන් පසු ඕනෑම මොහොතක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ හැකි බවත් එමෙන්ම ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව හා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ වන විටත් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇති බවත් එමෙන්ම නීතියට අනුව පළාත් පාලන මැතිවරණය මේ මොහොතේදීත් ක්‍රියාත්මක අවස්ථාවේදී මෙවැනි දේශපාලන පත්වීම් සිදු කිරීම නොකල යුතු බවද ඒ මහතා පවසයි.

එලෙස පත්කිරීමට යෝජිත නියෝජිතයින් තෝරාගැනීම සඳහා නිර්ණායක සකසන ලෙසත් එම පත්කිරීම ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයන් වන පළාත් ආණ්ඩුකාරවරුන්ගේ මැදිහත්වීමකින් තොරව දිස්ත්‍රික් ලේකම්වරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හරහා සිදුකරන ලෙසත් සංවර්ධන හා සුබසාධන කටයුතු සිදුකිරීමේදී දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයකින් තොරව රාජ්‍ය නිලධාරීන් මගින් මැතිවරණ කොමිෂන් සභාවේ චක්‍රලේඛ උපමානවලට අනුකූලව සිදුකරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි.

 



අදහස් (1)

පැෆ්රල් සංවිධානයෙන් ආණ්ඩුවට චෝදනා පත්‍රයක්

junaidnana Saturday, 29 June 2024 10:45 AM

කුලියට කහින්නෝ සහ වාසි පැත්තට හෝයියා සංවිධානය...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 550 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site