
(අංජුල මහික වීරරත්න)
හැකියාව තිබියදීත් වතු කම්කරුවන් වෙත නියමිත වැටුප නොගෙවන ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ රජය එළඹ ඇති ඉඩම් බදු ගිවිසුම් අවලංගු කිරීම පිණිස අවශ්‍ය නීති පැනවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළේය.
ජීවන වියදම සහ මෑත කාලීනව රටේ පැන නැගී ඇති ආර්ථික අර්බුදයේ බලපෑම් කෙරෙහි නිසි සැලකිල්ලක් යොමු කරමින් වතු කම්කරුවකු සඳහා දිනකට ගෙවිය යුතු වැටුප තක්සේරු කරන ලෙස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්ට 2024-05-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් දී ඇතැයි රජය පවසයි.
එමෙන්ම, එකී වැටුප ගෙවීම සඳහා එක් එක් ප්‍රාදේශීය වතු සමාගම් සතුව පවතින හැකියාව නිශ්චය කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා ද එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ තිබේ. එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව හැකියාව තිබියදීත් වතු කම්කරැ වැටුප නොගෙවන වැවිලි සමාගම්වල බදු ගිවිසුම් අවලංගු කිරීමට නියමිතය.
COMMENTS
මුන් අනුන්ගේ කම්පැනිවල ඉන්න මිනිස්සුන්ට පඩි වැඩි කරන්න කියලා ගේම. ආණ්ඩුවේ මිනිස්සු පඩි වැඩි කරන්න කියල කියද්දි ඒවට සල්ලි නැහැලු. ඔත්න තනිකර තියෙන්නෙ වතු දෙමළ ඡන්ද ගන්න තියෙන මල පෙරේත කමක් මිසක් ඒ මිනිස්සු ගැන තියෙන ආදරයක් නෙමෙයි
කාටද මේ සුරංගනා කතා කියන්නේ? කැබිනට් එකේ ඉන්නේ හරක්ද? එහෙම ගිවිසුම් අවලංගු කරනකොට ඔය සමාගම් වලට වන්දි ගෙවන්න වෙන බව කැබිනට් බබාලා දන්නේ නැද්ද? රජයේ සේවකයාට පඩි වැඩි කරන්න සල්ලි නැති ආණ්ඩුව ඔය බිලියන ගණන් වෙන වන්දි ගෙවන්නේ ඒ ගෙවල් වලින් ගෙනත්ද? අනික තමයි, ඔය විදිහට පුද්ගලික අංශයට තග දැම්මාම ජාත්‍යන්තර Ease Of Doing Business Index එකේ Ranking එක තවත් පහළ ගියාම කොහෙන්ද විදේශ ආයෝජන එන්නේ? මොවුන් බබාලා වගේ ඔය මරි මෝල් ගොන් තකතීරු කතා කියන්නේ නූගත් අසරණ වතු සේවකයෝ තවත් පාරක් රවට්ටලා ඔවුන්ගේ ඡන්දය තවත් පාරක් කොල්ල කන්න. වතු සේවකයාගේ පඩිය අනිවාර්යයෙන් වැඩිවිය යුතුයි.. එත් ඔය ආණ්ඩු බබාලා කියන ආකාරයට වඩා ක්‍රමාණුකුල ආකාරයකට. හොඳම කරුණ තමයි දේශපාලුවෝ ටික මේ ඔක්කෝම දන්නවා... ඒත් ඡන්දයක් ළඟ ළඟ එන නිසා වලන් කඩේට පැනපු හරක් වගේ රඟපානවා.
දැනට පවතින තේ දලු මිලට අනුව වතු කම්කරුවකුට රුපියල් 1700 ක් දෙන්න බෑ කියන එක පැහැදිලිනේ. රජය වතු හිමිකරුවන් සමාගම් සමඟ සාකච්ඡා නොකර හිටියාම වැටුප රුපියල් 1700 ක් කිව්වාම ඡන්දෙට දෙන කැරට් අලයක් විදියට තමයි. මේක තොන්ඩමනුත් දන්නවා ඇති. දලු කිලෝවක් කඩන්න රුපියල් 100 ක් වියදම් වෙනකොට කොහොමද වතු පවත්වාගෙන යන්නේ? වතුකම්කරුවන්ට රජයෙන් යම් සහන මිලට යමක් දෙනවා කිව්වානම්, එක කරන්න පුළුවන් කියලා හිතන්න තිබුණා.
1700 දක්වා වැටුප වැඩිකලොත් වැඩි කල් යන්න ඉස්සෙල්ලා වතු පාඩු පිට වහලා මේ මිනිස්සුන්ට තියන රැකියාවත් නැති වෙනවා .හරක් වගේ චන්දයක් කිට්ටු වෙලා කෑ ගහන්නේ නැතිව ටිකක් හිතලා කතා කරපල්ලා කියලා ලොකු හරක්ට කියනවා