(ගයාන් සූරියආරච්චි)
සෑම කාන්තාවක්ම වයසටයාමට අකමැති බව නොරහසකි. තරුණවීම සඳහා විවිධ ආලේපන, ප්‍රතිකාර, විලාසිතා සිදුකරන ආකාරය අපි දැක ඇත්තෙමු. තම සිරුරේ හැඩය, පැහැය මෙන්ම නිරෝගීකම ද අඩුවන විට කාන්තාවන්ට ඇත්තේ පුදුම බියකි. එය එසේ වියයුතුය. කිමද යත් වයසටයාමත් සමඟ මුහුණදීමට සිදුවන ගැටලු එක්ක සටන් කිරීමට කාන්තාවන් පෙළඹෙන්නේ නැත. එබැවින් කාන්තාවන්ට නිවෙසේ සිටම හැඩට, වැඩට නිරෝගීව සිටීමට පහසුම ආකාරය පිළිබඳව අපි මෙසේ කියා දෙමු.
ඔබ වයසින් වැඩෙත්ම ශාරීරිකව ක්‍රියාශීලීව සිටීම ටිකක් අපහසු විය හැකිය. වයස 40 කඩඉමට පිවිසෙත්ම ආතරයිටීස් හෝ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව නිසා ව්‍යායාම සිදුකිරීමේදී වේදනාකාරී තත්ත්වයක් ඇති වියහැකිය. ඔබේ නම්‍යශීලීතාවද සීමා වියහැක. ශරීරය සහ මොළය නිරෝගීව තබා ගැනීමට ව්‍යායාම පිටිවහලක් වනවා මෙන්ම දිගු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උපකාරීවේ.
කෙසේ වෙතත් සෑම වයස් කාණ්ඩයමකටම ව්‍යායාම වැදගත් වන අතර සෞඛ්‍ය සම්පන්න, ලස්සන සිරුරකට හිමිකම්කීමට ද උපකාරීවේ. වයසට ගියද ඔබේ අස්ථි, මාංශපේෂී සහ සන්ධි නිරෝගීව තබා ගැනීම වැදගත්වේ. දියවැඩියාව, මහ බඩවැලේ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇතිවීමේ අවදානම අඩුකිරීමට මෙන්ම රුධිර පීඩනය අවම කරගැනීමට ව්‍යායාම අවශ්‍යවේ.
ආතතිය පාලනය කර මනෝභාවය වැඩි දියුණු කරගැනීමටත්, කාංසාව සහ මානසික අවපීඩනයේ රෝග ලක්‍ෂණ ලිහිල් කරගැනීමට, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට, දියවැඩියාව වැනි නිදන්ගත රෝග තත්ත්ව පාලනය කර ගැනීමට, සන්ධි ඉදිමීම සහ වේදනාව අවම කරගැනීමට, මාංශපේෂී ශක්තිමත් කර දිගු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සතුටින් ගතකිරීමට ව්‍යායාම මහඟු කාර්යයක් සිදුකරයි.
ඇවිදීම, පිහිනීම, සරල ක්‍රීඩාවක යෙදීම මගින් ඔබේ රුධිර සංසරණ පද්ධතියට අවශ්‍ය ව්‍යායාම ලබාගත හැකිය. නම්‍යශීලී බව වැඩිවන, සමබරතාව ආරක්‍ෂා කරන සහ ශරීරය ශක්තිමත් කරන ව්‍යායාම සිදුකරන ආකාරය පිළිබදව අවධානය යොමුකිරීම වැදගත්වේ.
ව්‍යායාම ආරම්භ කිරීම සඳහා සුදුසු ඇග උණුසුම් කිරීමේ අභ්‍යාසයක විනාඩි 5 ක් පමණ නිරත වෙන්න. පහත සඳහන් අභ්‍යාස දිනකට දෙවරක්වත් නිවැරැදිව සිදුකරන්න.
මාංශපේෂී හෝ සන්ධි තුවාල හෝ පෙර සැත්කම් තිබේ නම් ඔබට වඩාත් සුදුසු වනුයේ භෞත චිකිත්සකවරයාගෙන් උපදෙස් ලබාගැනීමය.
1 ව්‍යායාමය
දෙපා මදක් ඈත් කර සිටගෙන දකුණු අත වෑලමිටෙන් නවාගෙන සුදානම්වන්න. උකුල සහ සිරුර කරකවමින් රිද්මයකට අනුව වමට කර කැවෙන්න. නැවත අනෙක් පෑත්තටද මෙලෙසින්ම කරන්න. රිද්මයට අනුව වේගය වැඩිකරමින් වාර 20 ක් පමණ සිදුකරන්න.
2 ව්‍යායාමය
පහසු අසුනක කොන්ද කෙලින් තබාගෙන දෙපා මදක් ඈත් කර වාඩි වන්න. දෑන් ඇදෙන පටියක් (ස්ටේරච් බෑන්ඩ්) කකුල් දෙකේ පතුලට තද කරගෙන දෑතින් අනෙක් දෙකෙලවර අල්ලා ගන්න. රිද්මයකට අනුව සෙමෙන් පටිය ඇදෙනසේ ඉහළට ඔසවන්න.
තප්පර 5ක් පමණ රඳවාගෙන සිට නැවත මුලික අවස්ථාවට පෑමිණෙන්න. වාර 10 ක් පමණ මෙම ශරිරය ශක්තිමත් කිරිමේ ව්‍යායාමය කරන්න.
3 වන ව්‍යායාමය
දෙකකුල් මදක් ඈත්වනසේ ඇදෙන පටි රවුමක දෙපාවල රඳවාගෙන කොන්ද කෙලින් තබාගෙන සිටගෙන දෑත් පොළොවට සමාන්තරව ඉදිරියට දිගුකරමින් සුදානම්වන්න. දෑන් ඉදිරියට බරවී දෙපා දනහිස්වලින් නවමින් කලවා පොලවට සමාන්තර වනතෙක් පටිය ඈදෙන සේ දකුණු කකුලත් වම් අතත් ඔසවන්න මෙහිදි හොඳින් සමබරතාව ආරක්ෂා කරගන්න. වාර 10 බැගින් දෙපසටම මාරු කරමින් සිදුකරන්න.
අභ්‍යාස අවසානයේ සුදුසු පරිදි ශරීරයට සිසිල් කිරීමේ අභ්‍යාසයක යෙදීම සේම අවශ්‍ය ප්‍රමාණයට දියර පානය කිරීම ඉතා වැදගත්වේ. එමෙන්ම ව්‍යායාමවලට පෙර ශක්ති ජනක ආහාර ගැනීමත් පසුව ප්‍රෝටීන් බහුල ආහාර ගැනීිමත් සුවබර දිවියකට ඉතා වැදගත්වේ.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පුළුල් උකුලකට ව්‍යායාම
asith Saturday, 14 October 2023 07:07 AM
බොරු දාන්න එපා.. නිකන් පබ්ලිසිටි ගන්න.