IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පළමු වැනිදා සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දීපව්‍යාප්තව


( තිළිණි ද සිල්වා )
 
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (1) සිට සුහුරු ජාතික හැඳුනුම්පත් දීප ව්‍යාප්තව නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.


ජාතික හැදුනුම්පත් අලූතින් ලබා ගැනීමේදී මෙම නව ක‍්‍රමය ක‍්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.


මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත්වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබූ අතර  එය සාර්ථක වූ බැවින් අනිද්දා (1) සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමට  තීරණය කළ බව ගුණතිලක මහතා සඳහන් කළේය.


මෙම නව ක‍්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේදී , අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූපය ඇලවීම අවශ්‍ය නොවන අතර  මේ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප හල් වලින් පමණක් ඡායාරූප ගත යුතු බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.


එහිදී ගනු ලබන ඡායාරූප අයදුම්කරුට නොලැබෙන අතර ඡායාරූප ශාලා විසින් එය විද්‍යුත් තැපෑල මගින් දෙපාර්තමේන්තුවට යවනු ලැබේ. ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් ඡායාරූප ශාලාව විසින් ලබාදෙන රිසිට් පතේ අලවනු ලබන අතර එම රිසිට් පත අයදුම්කරු විසින් තම ඉල්ලූම් පත‍්‍රය සමග ප‍්‍රදේශයේ  ග‍්‍රාම නිලධාරී වෙත බාර දිය යුතු බවද හෙතෙම කීය.


සුහුරු ජාතික හැඳුනුම්පත් වලට ඡායාරූප ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ඡායාරූප ශාලා 2100ක් දැනට ලියාපදිංචි කොට තිබේ. 


ඔවුන්ට ඒවා දෙපාර්තමේන්තුව වෙත යැවීම සඳහා ජාත්‍යන්තර  සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුව සැකසූ විශේෂ මෘදුකාංගයක් ලබා දී ඇති බව ගුණතිලක මහතා කීය.



අදහස් (0)

පළමු වැනිදා සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දීපව්‍යාප්තව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site