IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පෙළපාලි ගිය හමුදා ලොක්කා කවුද?

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමා ගාල්ලේ සිට කොළඹ එද්දී හමුදාවේ උසස් නිලධාරියකුගේ වාහනයක් සමග වාහන හතක පෙළපාලියක් ගිය බවත් රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක හමුදාවේ ප්‍රධානියකුට වාහන පෙළපාලි යන්න මුදල් දුන්නේ කවුදැයි තොරතුරු හෙළි කරන්නැයි ඉල්ලා සිටින බවත් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

චන්දිම වීරක්කොඩි මහතා මෙසේද සඳහන් කළේය.

පෙරේදා මම ගාල්ලේ ඉඳලා කොළඹ එනකොට හමුදාපති තරු ගහ ගත්ත වාහනයක් වාහන හතක් එක්ක එනවා දැක්කා. සමහරවිට හමුදාපති වෙන්න ඇති. රටේ මිනිස්සුන්ට කන්න නැති වෙලාවක මේ වගේ ඉහළ නිලධාරීන් මේ විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබට පියවර ගන්න බැරිද. වැඩිහිටි දීමනාව මාස තුනකින් දීලා නැහැ. ආබාධිත දීමනා ගෙවලා නෑ.එක නිලධාරියකුට වාහන හතක් එක්ක පෙළපාලියට දාගෙන යන්න කවුද සල්ලි වෙන් කළේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:

සහනාධාර මුදල් නිසි පරිදි ලබා දීම කරලා තියෙනවා. යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට ලැබිලා නැත්නම් අපි හොයල බලන්නම්. ඔබතුමා කියන අනිත් කාරණය ගැන උත්තර දෙන්න බැඳිලා නැහැ.

 



අදහස් (11)

පෙළපාලි ගිය හමුදා ලොක්කා කවුද?

Siri Tuesday, 20 June 2023 01:48 PM

එතකොට මහජනතාව දැන් දැන් "දේශපාලුවෝ" කියල හඳුන්වන මිනිස්සු මහ පාරේ යන්නේ වාහන කීයක් පිරිවරාගෙනද චන්දිම මහත්තයෝ? ඇයි ඒවා ගැන කතා නැත්තේ ?

:       0       3

Menaka Tuesday, 20 June 2023 02:01 PM

හමුදාවෙ ඉහල පුටු වල වැඩි හරියක් ඉන්නෙ මේ වගේ මොළේ අමාරු තියෙන නිලධාරීන් තමයි . මේ උදවියට බදු ගෙවන ජනතාව ගැන කිසිම හැගීමක් නැහැ . රජය මේ වරප්‍රසාද කප්පාදු කරන්න වහාම පියවර ගත යුතුය . යුද්ධ කාලෙ එය සාර්ථකව සිදු කිරීම සදහා යම් වරප්‍රසාද ලබා දුන්නත් යුද්ධයක් නැති කාලයේදී එසේ ලබාදීම ලෝක සම්ප්‍රදාය නොවේ . උදාහරණයක් ලෙස මේජර් ගෙන් ඉහල තනතුරු තියෙන හමුදා නිලධාරීන්ට තම නිලරථයට අමතරව ගෙදර පාවිච්ව්යට රියදුරෙක් සහ ඉන්ධන සහිතව තවත් රථයක් ලබා දේ. ඒ කුමකටද ? බිරිදට ෂොපින් යන්න , දරුවන්ට පාසල් යන්න (කොළඹ උසස් විදුහලක් අසලට උදේට ගිහින් බලන්න ) මෙය යුද්ධ කාලයේදී දීමේ වරදක් නැත. මන්ද එම කාලයේදී අදාල නිලධාරීන්ට ගෙදර ගැන වදනොවී මානසික නිදහසකින් යුතුව රාජකාරී කිරීමට ඉන් අවකාශ සැලසුන බැවිනි . නමුත් යුද්ධයෙන් පසුව මහජන මුදල් කාබාසිනියා කරමින් හමුදා වලට අනවශ්‍ය වරප්‍රසාද ලබා දෙමින් බ්‍රිතාන්‍යයටත් වඩා විශාල හමුදාවක් නඩත්තු කිරීම අද තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවකි

:       0       4

sachith Tuesday, 20 June 2023 03:20 PM

මෙකනම් වැරදි තමා, හැබැයි අනුන්ගෙ ඇස් වල තියෙන පොල් ‌ගෙඩි දකින්න කලින් තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාල ගැන හොයල බැලුවනම් තමා හොද නේද?

:       11       15

Buddika Tuesday, 20 June 2023 03:56 PM

උත්තර දෙන්න සේමසිංහ බැඳිල නැතිව ඇති. එත් මෙව මහජන මුදල්. එම නිසාම දැනගන්නට ජනතව ට අයිතියක් ඇත.

:       0       6

නොබැඳි සමුලුව Tuesday, 20 June 2023 06:45 PM

බැදිල නැහැ නාස්තිය සොයාබලන්න බැදිලා නැහැ

:       0       4

Nimal Tuesday, 20 June 2023 10:31 PM

තමුසෙ ලොයර් කෙනෙක් නේ ද. ඉතින් දානවකො නඩුවක්. කිය කිය ඉන්නෙ නතුව. පැමිනිලිකාර නිතිඤ්ය විදිහට තමුසෙටම හිටිය හැකිනෙ..

:       0       2

chathuranga Tuesday, 20 June 2023 10:46 PM

තමුන් ආණ්ඩුවෙ ඇමතිකම් කරන කාලේ ගාලු ගිය හැටි අමතක වෙලාද?? එහෙම නැත්තන් හමුදාපති හයිවේ බස් එකක නැගල තනියෙන් යන්න ඕනෙද? හරිනම් හමුදාපති විතරක් නෙමෙයි .පාර්ලිමේන්තුවේ ඉන්න මණ්ඩුක දේශපාලුවෝත් කටින් බතල හිටවන්නෙ නැතුව ක්‍රියාවෙන් ආදර්ශමත් විය යුතුයි.

:       1       1

සල්ලි Wednesday, 21 June 2023 07:17 AM

චන්දිම මහත්තයා ගෙ මූණ දිලිසෙනවා තෙල් බේරෙනවා හොදට කන්න බොන්න තියනවා වගේ එයාට.

:       1       3

Upul Wednesday, 21 June 2023 04:03 PM

අර කිව්වත් වගේ දැන් යුද්ධයත් ඉවර නිසා හමුදාවට තියෙන්නේ ගෙදර යන්න.. මොකද යුද්ධය සහ හදිසි අවස්ථා එන්නේ කලින් කියලා නිසා ඒ කාලෙට ඉන්න මිනිස්සු ඒවා ගැන බලාගනීවි.

:       0       1

උපුල් Wednesday, 21 June 2023 04:08 PM

ඇමති කාලේ හොඳට කාලා දැන් ඉරිසියාව.. බලමුකෝ ආයේ වැරදිලාවත් ඇමටි පට්ටමක් දීල

:       0       1

Upul Wednesday, 21 June 2023 04:16 PM

මෙයා විතරක් නෙවෙයි ගොඩක් දේශප්‍රේමීන් කියන්නේ හමුදාව අතින් කාලා හරක් බලන්න කියලා... ඉතිං හමුදා කාරයන්ට කොහේ හරි අමාරුවක් තියෙනවා නම් එහෙම කරාවි නේද

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site