IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


‘‘පළාත් පාලන කොමසාරිස්ට අභියෝග කරන්න හැකියාවක් නෑ‘‘

(රවින්ද්‍ර විරාජ් අබයසිරි)

පළාත් පාලන ආයතනවල සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා ගැනීමෙදී පළාත් පාලන කොමසාරිස්වරයාට අභිමතයට අනුව කටයුතු කිරීමට ඇති බලය අභියෝගයට ලක් කිරීමේ හැකියාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.  

මැතිවරණ කොමිෂන් සභාව මගින් දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන උපාය මාර්ගික සැලසුම සකස් කිරීමේ 3 වැනි වැඩ මුළුව සහාභාගී වෙමින් ඒ මහතා එසේ පැවැසීය.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස්වරයා මෙසේද ප්‍රකාශ කළේය.

දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියල හිතෙනවා . පළාත් පාලන ආයතනවල වගකීම පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීම  බොල් පිළිම සහ ගල් පිළිම කැරකි කැරකි තියෙනවා .

මැතිවරණ කොමිසම තියෙන්නෙ පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්කර ගැසට් කිරීමට . පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා , උප සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා පත් කිරීමේ බලය තියෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරුන්ට. පනතෙ විදිහට කොමසාරිස්ට ඇති බලයට අභියෝග කිරීමට කාටවත් බැහැ. කොමසාරිස්වරයාගේ අභිමතයට තීරණ ගැනීමේ හැකියාවට නෛතික වශයෙන් කිසිදු බාධාවක් නැහැ

 



අදහස් (9)

‘‘පළාත් පාලන කොමසාරිස්ට අභියෝග කරන්න හැකියාවක් නෑ‘‘

Rasika Tuesday, 01 July 2025 05:22 PM

මහත්තයෝ ආණ්ඩු හැමදාම තියෙන්නේ නැහැ... පෙරලෙනවා. රජයේ සේවකයා ගැති නොවී සිටිය යුතුයි... මොන පැත්තකටවත්. විශ්‍රාම ගිහින් ඕනෑ එකක්. දේශප්‍රිය මහත්තයාගෙන් ඉගෙන ගන්න.

:       21       47

වසන්ත Tuesday, 01 July 2025 05:58 PM

පලාත් පාලන කොමසාරිස් පක්ෂග්‍රාහී වුනොත්, ඒකත් නීතියට අනුකූලද?

:       13       48

Kalupahana Tuesday, 01 July 2025 07:20 PM

කොමසාරිස්තුමෝ ඡන්දහිමි නාමලේඛනයේ ගෘහමූලිකයා හැටියට සිටිය යුත්තේ පවුලේ පියා හෝ මව කියලා අපි පිළිගෙන තිබුණා.. නමුත් මෑතක සිට අලුතින් නම එකතුකල බාලම අයගේ නාම ලේඛනයේ මුලින්ම දැක්වීමට මැතිවරණ කාර්‍යාලයේ පරිගණකයේ ෆිල්ටර් කිරීමට නොදන්නා නිළධාරි කටයුතු කරනවා. නැත්නම් පරිගණක වැඩසටහන් සැකසීමේදී එවැන්නකට ඉඩ අසුරා ඇති. මෙම නිසා පවුලේ වැඩිහිටියන්ට සැලකීම මැතිවරණ දෙපාර්තමේන්තුව අනුමත කරනවාද කියලා සැකයක් ඇතිවෙනවා...

:       7       21

Nishan Wednesday, 02 July 2025 04:38 AM

ඔක්කෝටම කලින් මැතිවරණ කොමසාරිස් අපක්ෂපාතී විය යුතුයි. උසාවිය විසින් තීරණය කල යුතු දෙයක් මෙතුමා තීරණය කරලා.

:       3       6

Jayaratne Wednesday, 02 July 2025 06:38 AM

මේක සාවද්‍ය අර්ථකතනයක්. අභිමතය පාවිච්චි කල හැක්කේ නීතිය නිහඩ නම් පමණයි. අභියෝග කල නොහැකි අභිමතයක් ජනපතිටත් නෑ. මතකද මෛත්‍රීගේ අගමැති අභිමතය!

:       3       9

Jayasekara Wednesday, 02 July 2025 09:11 AM

චන්ද පෙට්ටි උස්සලා... ඒවා කැලේට විසිකරලා, තමන්ගේ පක්ෂෙන් ඒවා පුරවපු කාලයක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ ... මතකද?

:       2       12

Prabath Wednesday, 02 July 2025 09:16 AM

මේ අය ඔක්කොම බොල් පිළිම නැත්තන් ගල් පිළිම තමයි.

:       0       10

සිසිල් සුදේශ් Wednesday, 02 July 2025 01:39 PM

මොනවද මේ 'ගල් පිළිම බොල් පිළිම ' කතා? තමුන් ඉන්නෙ අපක්ෂපාතී ධුරයක කියලා දන්නෙ නැද්ද පක්ෂග්‍රාහී කතා කියන්නෙ? ඉස නිකට පැහුණෙ ඉඩෝරයට ද?

:       4       6

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Wednesday, 02 July 2025 06:31 PM

මෙච්චරකල් හුබහෙන් ඇදලා ගත්ත තලගොයා වගේ හිටපු එකා, තව් talk දෙන්න පටන් අරගෙන ! රැවුල සුදු එළුවා හිතාගෙන ඉන්නේ මැකෝ තමයි පොර කියලා ! ඔයිට වැඩිය ලොක්කෝ , නිතිය ඉස්සරහා දෙකේ කොලේට වැටිලා තියනවා, රැවුල සුදු එළුවෝ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 409 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 856 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site