IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


පළාත් තුනක ආණ්ඩුකාරවරු ඉවතට

(අංජුල මහික වීරරත්න)

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් අද (15) සිට ඉවත් කර තිබේ.

ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ඉවත් කිරීම කර ඇති අතර නව ආණ්ඩුකාරවරුන් ලබන බදාදා (17) වන විට පත් කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය.

 



අදහස් (8)

පළාත් තුනක ආණ්ඩුකාරවරු ඉවතට

kapila Monday, 15 May 2023 07:19 PM

දැන් ඉතින් ඕවාට තව නාකි ටිකක් දාගනී.

:       2       31

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Monday, 15 May 2023 08:05 PM

පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට සභාපති සහ සාමාජිකයින් පත් කිරීමේදී පළාත් සභා පනත අනුව හැකි අවම සංඛ්‍යාවක් පත්කරන්න.දකුණු පළාත තුල එම සංඛ්‍යාව 07 කි.සභාපතිගේ මාසික නිත්‍ය දීමනාව 35000යි.වාහන දීමනාව 50000යි.ඉන්දන දීමනාව බොහෝ මාසවල 50000ට වැඩියි.සන්නිවේදන දීමනාව 13500 යි.සහභාගිත්ව දීමනාව 8000 යි.සභාපතිට ගෙවන මුලු මුදල මාසිකව ලක්ෂ එකහමාර පනිනවා.මොන අපරාධයක් ද මේ.වැඩ කරන්නේ සතියකට එක දිනයි.ඒ දිනයේදීත් පැය දෙකක් පමණයි.මා ඒ ස‍දහන් කලේ තොරතුරැ පනත යටතේ ගත්ත සංඛ්‍ය ලේකන.ඒ නිසා රට අරබුදකාරී අවස්ථාවක අවම සංඛ්‍යව්ක් පත් කරන්න.එමෙන්ම ආණ්ඩුකාරවරැ පත්කිරීමේදිත් නීතිය පිළිබ‍ද අවබෝධයක් තිබෙන අය පත් කිරීමට කටයුතු කරන්න.මම වගකීමක් ඇතිවයි මේ ලියන්නේ.මගේ විශාම යාමේ වයස ඉක්මවලත් අදටත් මට විශාම යාමට නොමැකිව ඇත්තේ දකුණු පළාත් සභාවතුල සේවය කරන බොහෝ නිලධාරීන් රටේ මූලික නීතිය පිළිබදව වත් අවබෝයක් නොමැති නිසා.ආණ්ඩුකාර ලේකම් තනතුරටද නිතිය පිළිබද අවබෝධයක් තියෙන කෙනෙක් පත් කරන්න.මොකද.ඒ අය අනුන් වෙනුවෙන් තින්දු තීරණ ගන්න අය.අද මම පීඩාවට පත්ව ඇත්තේ බලධරයින්ටනීතිය පිළිබ‍ද අවබෝදයක් නොමැති කම නිසා .

:       0       6

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Monday, 15 May 2023 08:07 PM

වසර 30 ක් අඛණ්ඩව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන නීතිවේදීන් දෙදෙනෙක් ඉන්නවා. ඉන්න හැමෝටම වයස අවුරුදු 70 පැනලා. සමහරුන්ට වයස අවුරුදු 78,76 යි. අපහාස කරනවා නොවෙයි. ඇවිද ගන්න පණ නැහැ. මම බොරුද කියල කියන්නෙ ඇවිත් බලන්න, බදාදාට... මොකක්ද මේ රට. කිහිප දෙනෙක්ම අවුරුදු 6 ක් ඇතුළත තීරු බදුරහිත වාහන අරගෙන තියෙනවා. මා ළඟ ඒ සියලු තොරතුරු තියෙනවා. ඇතැම් මාසවල ඉන්ධන දීමනාව රුපියල් 83000 දක්වා ගෙවලා තියෙනවා. මම වසර 35ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. ඉන් වසර 31ක් හිටියේ දකුණු පළාත් සභාවේ. මා දකුණට ආවේ 1992.01.01. අදටත් අන්තර ගහණය කරගෙන නැහැ. අන්තර ගහණය කර ගන්න එක බලධරයින්ගේ රාජකාරියක්. නමුත් මට අඛණ්ඩව වැටුප් පමණක් නොවෙයි, වැටුප් වර්ධකත් දීලා තියෙනවා. ඇත්තටම මේවා විශ්ලේෂණය නොකිරීම ගරු ආණ්ඩුකාරතුමාගේ අඩුපාඩුවක් හැටියටයි මම දකින්නේ... අපිට පොඩි පොඩි දේවල් වලටත් ගරු අධිකරණයේ පිහිට පතන්න සිදුවෙලා තියෙන්නේ පාලනයේ වැරදි නිසා. මේක ඉතා බරපතල තත්වයක්. පසුගිය මාස 137 කින් මට වැටුප් දිලා තියෙන්නේ මාස 04 කට පමණයි. ඒකත් මම 2012දී ගත්තු වැටුපට සමානව. අදටත් මා විශ්‍රාම ගන්වා නැහැ.

:       0       6

විපරමා Monday, 15 May 2023 08:20 PM

මහජන මුදල් කාබාසීනියා කරනවා මිසක් ඔය ආණ්ඩුකාරවරු හිටියා කියලා ඇති පලේ මොකක්ද ?

:       0       2

කමල් දේශපිය - මාකුඹුර Monday, 15 May 2023 08:36 PM

ජනාධිපතිතුමනි, දකුණත් විසුරුවන්න. අලුත් ආණ්ඩුකාරතුමෙක් පත්කරන්න. දකුණ ගන්නම දෙයක් නැහැ. අපිට ඕනෑ අවංක කෙනෙක්...

:       0       0

NIMAL Tuesday, 16 May 2023 06:03 AM

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත්වල ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී උතුරට සිංහල, නැගෙනහිර සිංහල සහ වයඹට ද්‍රවිඩ හෝ මුස් ලිම් පත් කිරීම් කිරීම වැදගත් වේ ජාතික සංහිදියාව ඇතිකිරීම පිණිස ඕනෑම සුළුජාතික කණඩායමක් සමග එක්ව කටයුතු කිරීමට ඔවුනට හැකියාව තිබිය යුතුවේ

:       1       3

Jinendra welihena Tuesday, 16 May 2023 07:00 AM

හොරු සමග හෙළුවෙන්

:       0       2

Bamunuarachchi Wednesday, 17 May 2023 07:33 AM

ඔබ විතරක්ද නැතිනම් ගෙදර සියලු දෙනාමද? කෝකටත් පොටෝ එකක් එවන්නකො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 873 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1290 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site