IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘පළාත් ඡන්දය තියන්න බල කරන්න‘‘

(ලක්ෂ්මී ජයකොඩි)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලා සිටියහ.

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාව සාකච්ඡාවක් සදහා අද එම මහකොමසාරිස් කාර්යාලයට කැදවා තිබුණු අතර එහිදි එම මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අගා්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවේදි සිදුවුයේ කුමක්ද යන්න පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබිණි.

මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසුවේ මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වි යුතුව ඇති බව ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ අවධාරණය කර සිටිය බවයි.

ජනවාර්ගික ගැටලුව පිළිබදවද මෙහිදි අවධාරණය යොමු කළ බව පැවසු මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරුණු බව පැවසීය.

මෙහිදි මාධ්‍යවේදියකු 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබදව මහාකොමසාරිස්වරයා හා සාකච්ඡා කළේදැයි විමසු විට සම්බන්දන් මහතා පැවසුවේ කතා කිරීමට තරම් වැදගත් කාරණයක් නොවන බවයි

මෙම හමුව සාර්ථක බව පැවසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක්කලනාදන් මහතා මේ අවස්ථාවේ දෙමළ ජනතාව මුහුණදෙන ලබන ගැටලු හා එම ගැටලු විසදා ගැනීමේදි ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බව ඉන්දිය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය බවපැවසීය.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, එස් . ශ්‍රීධරන්, ගෝවින්දන් කරුණාහරන්, චාල්ස් නිමලනාදන්, තවරාසා කලෙයිඅරසන්, යන මහත්වරු සහභාගි වුහ.

 



අදහස් (3)

‘‘පළාත් ඡන්දය තියන්න බල කරන්න‘‘

gamunu Tuesday, 01 August 2023 11:40 PM

දෙමළ ජනතාව මුහුණදෙන ලබන ගැටලු හා එම ගැටලු විසදා ගැනීමේදි ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බව ඉන්දිය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය බව නිදහසින් පසු ලංකාවේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කල සියලු දේශපාලකයන්ගේ ජනප්‍රිය ප්‍රකශය අදටත් එසේම සිදුවේ. ද්‍රවිඩ ජනතවගේ මුලික අවශ්‍යතවයන් ඉටුකිරීමට ලංකාවේ රජය / ආණ්ඩුව සමග එක්වීමට උතුරු නැගෙනහිර නියෝජනය කරනාවූ දේශපාලකයන් අසමත්වීම කණගාටුවට කරුණකි.

:       0       2

Bamunuarachchi Wednesday, 02 August 2023 12:29 AM

ඈ බොල ඉන්දියාව උඹලගේ බාප්පොච්චි උනාට අපේ කව්රුවත් නොවෙයි. මේ රට පාලනය වෙන්නේ අපිට ඕන විදිහට.

:       0       2

කිරිපුතා Wednesday, 02 August 2023 09:18 AM

සම්බන්ධන්ලා හිතාගෙන ඉන්නේ ඉන්දියාව අපේ රට පාලනය කරනවා කියලා වෙන්න ඇති...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site