
(පුෂ්පකුමාර ජයරත්න)
පහ වසරේ ඉගෙනුම ලබන ලාබාල සිසුවියන් එකොළොස් දෙනකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන කුරුණෑගල නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොතුහැර ප්‍රදේශයේ පදිංචි පනස්පස් හැවිරිදි දෙදරු පියකු වන සැකකාර ගුරුවරයා සම්බන්ධයෙන් මව්පියන් පොලීසියට කළ පැමිණිලිමත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තම විෂයය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය අතපත ගාමින් මිරිකමින් රහස් පෙදෙස පවා අල්ලමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවද කියයි.
දිනපතාම සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් ඊට ගොදුරුවූ සිසුවියන් නිවසේදී තම මාපියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහේ දැරියන්ට අමුතු ඉංගිරිසියක් උගන්වලා
පිටිගල මිලානෝ Thursday, 14 September 2023 09:58 AM
පිං බිමේ පිං ඇති අය පමණක්ම උපත ලබන උසස් ගති පැවතුම් ඇති සදාචාරාත්මක මනා සංස්කෘතියකට උරුමකම් කියන සභ්‍යත්වයෙන් අගතැන්පත් මිනිසුන් ඉන්නා රටේ පාසලකට පංසලකට පල්ලියකට තනියෙන් ළමයෙක්ව යවන්න බැරි තත්වයක් තියෙන්නේ...
ලුම්බිණි Thursday, 14 September 2023 10:20 AM
පුංචි ළමයින්ට කළ අරාධනයට මෙයා නම් ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතු කෙනෙක්...
prasanna Thursday, 14 September 2023 10:31 AM
ලංකාවෙ ඉන්න මිලියන 25 ම උම්මත්තකයො , 225 පමනක් නෙමෙ. ළංකාවෙ ඉපදුනෙ කියල කියන්න ලජ්ජයි දිනපතා සිදුවන සිදුවිම් දිහා බැලුවම.
Aravinda Monarawila Thursday, 14 September 2023 10:59 AM
දෙමව්පියන්ටත් දැන් පිස්සුවක් තියෙනවා... හය හතර නොතේරෙන දරුවන්ව ටියුෂන් පන්තිවලට තල්ලු කරනවා. අඩුම ගානේ ඒවගේ තැන්වල මොනවද කරන්නේ? මොනවද වෙන්නේ කියලා හොයලා බලන්නෙවත් නැහැ. මීට වැඩිය දෙයක් නොවී බේරුණා ඇති...!
mangala Thursday, 14 September 2023 12:33 PM
ඔය කියන පිං බිම කෑවේ පරංගි, ලන්දේසි, බිරිතානි කාරයෝ. උන් ගේ හොල්මන් කලු සුද්දෝ ඒක ඉදිරියට ගෙනියනවා, උන් රට කරන තාක් කල් සහ හරි විදියට නීතියක් ක්‍රියාත්මක නොවන තාක් මේ වගේ ප්‍රවෘත්ති ඉදිරයටත් එයි. රජකාලේ දඬුවම් ගැන කුමන කතාද මරණදඬුවම වත් දෙන්න බැරි කොන්ද පණ නැති නායකයෝ ඉන්න රටක.