IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පොහොර නිෂ්පාදනය - බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

( දිල්රුක්ෂි ග්‍රේරු)
 
ආහාර නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට පොහොර අතවශ්‍ය සාධකයක් බැවින්  පොහොර නිෂ්පාදනය හා ගොවීන් අතර ඒවා   ආරක්ෂිතව  බෙදා හැරීම   අතවශ්‍ය කාරණයක් ලෙස රජය  මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
 
එබැවින්  පොහොර  නිෂ්පාදනය කරන සමාගම් හා  බෙදාහරින සමාගම්  ඊට අදාළ කාර්යන් ඉටු කිරීමේදී සියල්ල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවා එම කටයුුතු සිදු කරන්නැයි  සියලුම  බලපත්‍රලාභි පොහොර සමාගම්වලට දැනුම් දී තිබේ.
 
 කොරෝනා වයිරසය ව්‍යාප්තිය  වැළැක්වීම සඳහා  කැඳවා ගන්නා සේවක මණ්ඩලය සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් පහසුකම් යටතේ කාර්යාල පවත්වා ගනිමින් සිදු කළ යුතුබව  නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
 
 පොහොර අපනයනය රේගු නිෂ්කාෂණයන් හා වෙළඳ  අනුමැතීන් ඉල්ලුම් කරන අවස්ථාවේදී  විද්‍යුත් තැපෑල මගින් ඒවා කළ යුතුය.
 
එමෙන්ම  පොහොර  බෙදා හැරීම සඳහා  අදාාළ සමාගම් යටතේ ලියාපදිංචි ප්‍රාදේශීය නියොජිතවරුන් ගොවීන්ගේ පහසුව සඳහා එම මධ්‍යස්ථාන විවෘත කළ යුතුය. විද්‍යුත් තැපෑලෙන් යොමු කරන ලද දැන්වීම් එම පෙහොර වෙළෙඳසැල් හි අලවා  තැබිය යුතුය.
 
 පොහොර ප්‍රවාහනයේදී  ප්‍රධාන වෙළඳපොළට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ යොදා ගැනීමට හැකි අතර අදාල සමාගමේ නියෝජිත  ලොරි හැරුණ විට වෙනත් ලොරි සදහා සුදුසු අවසරය ලබාගත යුතුය. ඒ සඳහා  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ  දිස්ත්‍රික් සහකාර  අධ්‍යක්ෂවරුන් වෙත  බලය පවරා ඇත.

 ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා  තිබේ.



අදහස් (1)

පොහොර නිෂ්පාදනය - බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් වෙයි

Sumith Friday, 27 March 2020 03:31 PM

බණ්ඩාරවෙල වෙළදසල්වල පොහොර නැහැ.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 58 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 265 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site