(අංජුල මහික වීරරත්න)
වසර පහක් තිස්සේ නොගෙවා තිබු පොහොර ණය මිලියන 23,000කින් සියයට 93ක් ගෙවා දැමූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
2021 දක්වා වසර පහක් ණයට පොහොර මිල දී ගැනීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පෞද්ගලික අංශයට රුපියල් මිලියන 23,000ක හිඟ මුදලක් ගෙවීමට නියමිතව තිබිණි.
දැනට හිඟ මුදල් වශයෙන් ගෙවීමට ඇත්තේ රුපියල් මිලියන 5000ක මුදලක් පමණක් බවත් එම මුදල ගෙවීම සම්බන්ධව පවතින නීතිමය ගැටළුව අවසන් වූ වහාම ගෙවීම් අවසන් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අපට හීනෙන් විතරක් පේන චීන කාබනික පෝර නැවට ගෙවපු ගාණත් ඇතුළත්වද ඔය ගණන් හිලව් හැදුවේ..?