IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


පහරකා රෝහල් ගත වූ තරුණයා රෝහලේදී මරා දමයි

(බී.ජී.චතුරංග, උපුල් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට, රහසිගතව ඇතුළු වූ අයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මරා දමා ඇතැයි  ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 15, මන්නාරම් පාර , මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි බී.ඩබ්ලිව්.රුවන්ජිත් විජිත 24 හැවිරිදි පුද්ගලයෙකි.

මැදවච්චිය  දී සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිව් දෙනකු එක්ව මෙම පුද්ගලයාට පොලුවලින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල එම තරුණයා රෝහල් ගත කර තිබූ බව පොලීසිය කියයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ 4වන මහලේ පිහිටි, පිරිමි ශල්‍ය වාට්ටුවේ  ප්‍රතිකාර ලබමින් සිටියදී, තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි  පොලීසිය සඳහන් කළේය.

සැකකරු පලා ගොස් ඇතැයි  පොලීසිය සඳහන් කළේය.

මරණකරු බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ අයකු බවද පොලිස් නිලධාරියෙක් මෙහිදී පැවසීය.

 



අදහස් (4)

පහරකා රෝහල් ගත වූ තරුණයා රෝහලේදී මරා දමයි

Bunny Preena Friday, 28 April 2023 01:06 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති

:       0       24

prasanna Friday, 28 April 2023 01:58 PM

මේක රටක් නෙවෙයි, තිරිසන් අපායක්...

:       1       32

මාලන් Friday, 28 April 2023 02:14 PM

මේක නිකනුත් චිකාගෝ වගේ දැන් මිනීමරන එක සිම්පල්...

:       0       28

අබිලින් Saturday, 29 April 2023 05:41 PM

ජනාධිපති කිව්වා මම මරණ දඬුවම සඳහා අත්සන් කරන්නේ නැහැ කියලා. ඉතින් මිනිස්සුන්ට බියක් නැතිවුණා... මම කුඩුකාරයෝ දහයකට, මිනීමැරුම් දහයකට ස්ත්‍රී දූෂණ දහයකට සංචාරකයන්ට හිරිහැර කිරීම් දහයකට, මරණ දඬුවම දීමට තනතුරෙන් යන්න පෙර අත්සන් කරනවා කියලා ජනාධිපතිවරයා කිව්වා නම් රට තරමක් හෝ සන්සුන් වෙන්න තිබුණා කියලා හිතෙනවා... දැන් නම් එහෙමවත් රට හදන්න අමාරුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site