(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ගුවන් හමුදාවට රුපියල් කෝටි 95 කට කට ආසන්න මුදලකින් මිලදීගත් ප්‍රාථමික පුහුණු ගුවන් යානා හයකින් පහක් ඒවායේ එන්ජින් අලුත්වැඩියාව හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් තිස්සේ පුහුණු කටයුතු සඳහා භාවිත නොකිරීමෙන් එම යානා වෙනුවෙන් දැරූ වියදම ප්‍රතිඵලදායකවී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම පුහුණු ගුවන් යානා හයෙන් එකක් 2020 වර්ෂයේ දෙසැම්බර් මස 15 වැනිදා අනතුරකට ලක්ව විනාශව ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
විගණන වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම ගුවන් යානා හය මිලදී ගෙන ඇත්තේ 2018 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනිදාය.
මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති
විගණන වාර්තාවේය.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම යානාවල එන්ජින් කිහිපයක් අලූත්වැඩියා සඳහා චීනයට යවා ඇති බවයි. ඒවා අලුත්වැඩියා කළ පසු භාවිතයට යොදා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුහුණු ගුවන් යානා පහක් කොටඋඩ
Jayantha Saturday, 12 August 2023 12:50 PM
ගෙනාවත් ගේන්නේ චීන කුණුගොඩවල්... අනික මේවා මිලදීගන්න කොට අපේ අය බලන්නේ ලැබෙන කොමිස් එක ගැන මිසක් ඒකෙන් වැඩක් ගන්න පුලුවන්ද? බැරිද? කියන එක නොවේ...