(නිමල කොඩිතුවක්කු)
පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අද(20) එක්ව සිටියහ.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ පැවැත්විණ.
එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය, රට පත්ව ඇති අසීරුතාවය, ආණ්ඩුවේ මර්ධනකාරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව විපක්ෂ නායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම කණ්ඩායම් රැස්විම් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉමිතියාස් යබාකීර් මාකර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පොහොට්ටු මන්ත්‍රී සජබ රැස්වීමට
මහී Tuesday, 21 March 2023 07:53 AM
හෙන වැදගත් පුවතක්. එයාගෙ පොටෝ එකකුත් දාලා...
Lalla Tuesday, 21 March 2023 08:26 AM
මූන දැක්කම පේනව කමකට නැති අයෙක් බව. මොනවටද පක්‍ෂ මාරුකර රටට විහිලු සපයන්නේ.
ලූත් ටෑන් Wednesday, 22 March 2023 10:22 AM
ගැලරිය හොඳ රංගනයක්!