IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි

(සුජිත් හේවාජුලිගේ)

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට  තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක්  ආරම්භ කරනු ලැබ ඇත.

කොළඹ ගාලු මුවදොර අරගල කරුවන්ට කණ්ඩායමක් පහර දීමෙන් අනතුරුව ප්‍රචණ්ඩවූ පිරිසක්   විසින් ඉකුත් මැයි මස නව වෙනිදා  පුද්ගලයෝ 20 කට  වැඩි සංඛ්‍යාවක් බේරේ වැවට  මෙලෙස  ඇද දමා විවිධ හිරිහැරයට පත්කරනු ලැබූහ.

බේරේ වැවට ඇද දැමූ පිරිස අතර කාන්තාවෝ කිහිප දෙනෙක්ද වූහ.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මුදල් කොල්ලකා ඔහු බේරේ  වැවට තල්ලු කළ බව කියන පුද්ගලයෙක්  කොළඹ වෑකන්ද ප්‍රදේශයේදී  පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටින මේ පුද්ගලයා  දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 34ක අයෙකි.

මන්ත්‍රීවරයා බස් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු ඇතුළු පිරිසක් ඔහු බිමට බස්සවා ඔහුගේ මුදල් පසුම්බිය කොල්ලකා අනතුරුව බේරේ වැවට තල්ලු කර ඇතැයි පොලිසිය පවසයි.

පුද්ගලයන් බේරේ වැවට තල්ලු කළ සෙසු පුද්ගලයන් සොයා ගැනීමටද පොලිසිය  දිගින් දිගටම පරීක්ෂණ පවත්වාගෙන යයි

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන්ද ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.



අදහස් (8)

පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි

Santhu Monday, 22 August 2022 01:11 PM

දැන් ඔය තිබුණු, තියෙන රජයන්ට එරෙහිව අරගල කරන්නේ, රඡයේ දේපළ විනාශ කරන්නේ සාධාරණයෙන් රටට කුමක් හෝ කළ අයද? ඒ අය රජයේ දේපළ විනාශ නොකළ අයද, රජයේ දේපළ ගිනිබත් නොකල අයද, මංකොල්ල කෑම් නොකළ අයද, සාහසික මිනීමැරුම් නොකළ අයද? මේ දෙන දඬුවම්ද ලිහිල් වැඩියි. වසර ගණන් ඇතුළට දාන්න ඕන ජම්පරය අන්දවා...!

:       23       9

randilMonday, 22 August 2022 02:08 PM

නුඹලා වගේ අයව අඳුම් නැතිව පාරේ යවන්න ඕනේ... ඔයවගේ අය නිසා තමයි රටට මේ කාලේ ආවේ...

:       8       26

Nihal Monday, 22 August 2022 02:18 PM

ඒවට විශාල ගොඩනැගිලිවල වැඩකරන උඩරට වතුකරයේ සේවකයන් සියගාණක් ඕකට හවුල්..!

:       11       5

darman Monday, 22 August 2022 02:49 PM

ගෙවල් ගිනිතියපු, මංකොල්ලකාපු, හොරකම් කරපු අය තමයි මේ අල්ලනවට විරුද්ධ... බයේ.. අහුවෙනවා කියලා දන්නවා...!

:       11       9

RANDILMonday, 22 August 2022 05:03 PM

රාජපක්ෂලාගේ ඉඳුල් කාලා ජීවත් වුණු බත් බැලයින්...

:       1       2

පිටිගල මිලානෝ Monday, 22 August 2022 04:36 PM

ඔක්කොම ඉන්නේ මැදමුලනේ….පුලුවන් නම් අල්ලාගන්න.

:       1       6

Malika Monday, 22 August 2022 05:11 PM

බේරේ වැවට දාන්න මුල් වූ හේතුව හොයලා බැලුවා නම් නරකද මුලින්ම...? එතකොට අනෙක් ඒවාට උත්තර නිකම්ම ලැබෙනවා...

:       1       3

ගමේ එකාලා Monday, 22 August 2022 05:17 PM

නිරායුධ අරගල කරුවන්ට අමානුෂික විදියට අඩන්තේට්ටම් කරපු අයට කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති. ගඳගස්සන්න ආපු අයට කරපු වැඩේ නම් නියමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site