(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර තවත් මහාචාර්යවරයකුම එම තනතුරට පත් කිරීම සුදුසු බවට පක්ෂයේ බොහෝ දෙනාගේ අදහසවී ඇත.
එසේම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහාද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
බණ්ඩාර මහතා පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනට කටයුතු කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොහොට්ටුවේ සභාපති පුටුව තවත් මහාචාර්යවරයකුට
සෑම් Saturday, 17 September 2022 10:10 AM
රටේ ඉන්න මහාචාර්ය කියන තනතුර දරණ පුද්ගලයන්ගේ අභ්‍යන්තර මුග්ධ භාවය මෙයින් කදිමට පෙන්වනවා. හිටපු කෙනා ඒක ඉතා ඉහලින් ප්‍රදර්ශනය කරලා පැත්තකට වුනා. පොහොට්ටුවෝ මුන්ව හොඳට නටවනවා.
SuudaSunday, 18 September 2022 01:48 PM
මමත් ජි එල් පීරිස් ගැන එච්චර ලොකු සතුටක් නැහැ. හැබැයි එයා අඩු ගානේ බැසිල්ගේ පදයට නටන්නේ නැතුව අයින්වුණා. එන්න ඉන්න රංජිත් බණ්ඩාර නම් පසුගිය කාලයේ පෙන්නුවේ තදබල බැසිල් ගොලයෙක් බවයි. අනික මොහු ජී එල් තරම්වත් ඡන්දයක් ඉල්ලලා දිනපු කෙනෙක් නෙවෙයි. බැසිල් පිහිටෙන් ඇවිත් බැසිල් කියන දේ කරන්න ඉන්න පින් මංත්‍රී කෙනෙක් පමණයි. 2017 හිටපු පොහොට්ටුවට වෙච්ච දේ හිතනකොටත් අනේ කියලා කියන්න තියෙන්නේ.
Perera Saturday, 17 September 2022 11:57 AM
පොහොට්ටුවේ නොම්මර එකේ බත් බැලයෙක්...
ලුම්බිණි Saturday, 17 September 2022 12:01 PM
නමට මහාචාර්යවරු. කරපු කිසිම දෙයක් නැහැ...
Perera Saturday, 17 September 2022 12:04 PM
ආර්ථික විද්‍යා මහාචාර්ය, කෘෂි විද්‍යා ඔස්තාර්, හැබැයි මෙයාලගේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රටේ ආර්ථිකයත් බංකොළොත්.. කෘෂිකර්ම ක්ෂේත්‍රයත් විනාශයි.
siri Saturday, 17 September 2022 01:57 PM
හොඳට රෙදි සෝදන්න නම් පුළුවනි.
lalithbmich Sunday, 18 September 2022 12:31 PM
ලැජ්ජා නැතිව තාමත් මේ පක්ෂයට නිලධාරීන් යනවාද?