IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


‘‘පොහොට්ටුව ජනපති - අගමැති දෙකම ගන්න හදනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනතා අභිලාෂයන්වලට පයින් ගසා පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු පත්කර රට ගෙන යාමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද(15)පැවසීය.

ත්‍රෛනිකායික මහ නාහිමියන් ඇතුළු ආගමික නායකයින්ගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ හා එක්ව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ජනතා අභිලාෂයන් ජයගැනීමට සමගි ජන බලවේගයේ කටයුතු කළත් ආණ්ඩුව එයට එකඟ නොවීම හේතුවෙන් බරපතළ තත්ත්වයක් පැන නැගී ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ජනාධිපති සහ අගමැති ධුර ආණ්ඩුව සහ විපක්ෂය බෙදාගෙන රට ගොඩනැගීමට දේශපාලන පක්ෂ සමඟ ඊයේ තිබූ සම්මුතිය අද වන විට බිඳ වැටී ඇතැයි ද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ විපක්ෂයේ පක්ෂ මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ මෙම තීරණය අද දින කතානායක වරයාට දැනුම් දීමට සැලසුම් කර තිබුනත් අවසන් අවස්ථාවේදී කිහිපදෙනෙකුගේ ස්ථාවරය වෙනස් වීමෙන් මෙම ව්‍යාකූල තත්වය හටගෙන ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

 



අදහස් (6)

‘‘පොහොට්ටුව ජනපති - අගමැති දෙකම ගන්න හදනවා‘‘

ruwan Friday, 15 July 2022 02:28 PM

හරි දැන් කවුද ඔයාලගේ පක්ෂයේ ඉන්නේ අගමැතිකමට සුදුස්සෙක්...? අර බයිලා කියවන කෙනාද?

:       18       46

sunimal Friday, 15 July 2022 02:53 PM

දැන්වත් තේරෙනවද අනවබෝධයෙන් නටපු නැටිල්ලේ තරම? රාජපක්ෂලාට යන්න කිව්වා. ගියා. ඊළඟ පදේ හදනකම් රටම බලන් ඉන්න ඕනද?

:       19       30

වාසුදේව Friday, 15 July 2022 03:20 PM

තාමත් රෙජීමයට කඩේ යන්නේ... දැන් මදිද රාජපක්ෂ පාලනයෙන් කාපු ටික. නිකම් පිස්සු කරන්න එපා.

:       10       29

Prabha Friday, 15 July 2022 03:30 PM

ඔය නොකියා කියන්නේ හවුලේ කමු කියලා නේද?

:       1       7

විපරමා Friday, 15 July 2022 04:40 PM

දූෂිත, බලලෝභී දේශපාලුවන් නිසා රටම වලපල්ලටම ඇදලා දැම්මා. බල තණ්හාවට තනතුරු බෙදාගන්න දඟලනවා. මේ වෙලාවේ කරන්න තියෙන්නේ රටේ තියෙන අර්බූදයට විසඳුම් හොයන එක නේද?

:       0       8

Bird Eye Friday, 15 July 2022 06:02 PM

ගෝඨාව එලවන එකට වඩා දෙයක් ඔය අරගල මහමොල කරුවන්ට තිබුණේ නෑනේ. ඔන්න එයා ගියා... දැන් වැල යන විදිහට මැස්ස ගහලා ඕවාට සල්ලි පොම්ප කළ අයගේ ඉල්ලීම් දිනවපල්ලා. තව ගෝ ගම් හැදෙන්න නියමිතයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site