IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටුව කළුතරට ඇප බඳියි

(සුමිත් පොතුපිටිය)

පළාත් පාලන මැතිවරණය සදහා පළමු වරට ඇපමුදල් තැනපත් කිරීම අද (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදුකරන ලදී .

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 13 ක් සහ නගර සභා 4 ක් වශයෙන් පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් මෙහිදී ඇපමුදල් තැනපත් කෙරිණි.

ඇප මුදල් තැන්පත් කිරීමට පැමිණි කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා ඇතුළු හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කළුතර ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පැමිණ ආශීර්වාද ලබාගැනීමෙන් පසු කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කලහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් , හිටපු අමාත්‍යවරුන්වන නාමල් රාජපක්ෂ , ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජයන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න , කාංචන ජයරත්න සහ හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .



අදහස් (9)

පොහොට්ටුව කළුතරට ඇප බඳියි

sharm warn Thursday, 05 January 2023 01:02 PM

මොවුන්ගේ ඇපත් නැතිව ගෙදර යවන්න. කළුතර ජනතාවනි, අවදියෙන් ඉන්න...

:       9       76

fairoosThursday, 05 January 2023 02:32 PM

කලුතර විතරක් නෙ‌වෙයි ලංකාවෙ ඉන්න හැමෝම පොහොට්ටුවට පාඩමක් ඉගැන්නුවෙ නැත්තම් වැඩක් නැහැ.

:       2       29

Rata Perata Thursday, 05 January 2023 01:04 PM

මොවුන්ගේ මුහුණ දකිනකොට වමනෙට එනවා.

:       5       67

ලුම්බිණි Thursday, 05 January 2023 01:05 PM

දැක්කම දුකයි.

:       5       53

Sunil Thursday, 05 January 2023 02:21 PM

ඉතිහාසය ලබන අන්තිම සහ බිහිසුණුම පරාජයට මුල පිරූවගයි..

:       0       22

siri Thursday, 05 January 2023 03:01 PM

මෙදා පොටේ නම් බැන්ද ඇපෙත් නැතිවෙන පාටක් තියෙන්නේ. ඔටුන්න හිමි කුමාරයත් සල්ලන් වෙලා තමා නවතින්නේ.

:       1       30

swene Thursday, 05 January 2023 03:49 PM

ගෝටාභයලා පත් කල අලුත් මැතිවරණ කොමිසම වැඩ පෙන්වන ආකාරය පිළිබඳ ව අවධියෙන් සිටීමත් වැදගත් විය හැකියි.

:       0       19

yasas Thursday, 05 January 2023 05:13 PM

මුළු ලංකාවම මුන් ඔක්කෝටම පාඩමක් උගන්වමු. ආණ්ඩු වෙනස් නොවුනත්, රටේ මිනිස්සු හරක් නොවනබව අවබෝධ වී, දැන්වත් රටට හොදක් කරන්න හිතාවි.

:       0       0

ranjith Thursday, 05 January 2023 07:29 PM

රට බංකොළොත් කරලා ජනතාව අසරණ තත්වයට පත්කරපු පොහොට්ටුවට ආශීර්වාද කරන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site