IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් පහක්

(අංජුල මහික වීරරත්න)

 පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි කිවූ පක්ෂයට අද වන විට ජනාධිපති අපේක්ෂකයින් රැසක් සිටින්නේ යැයිද රාජපක්ෂ මහතා කීය.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට ජයග්‍රාහී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එම අපේක්ෂකයා කවුදැයි පක්ෂයක් ලෙස තවමත් තීන්දු කර නැති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

හම්බන්තොට දී මාධ්‍ය අමතමින් නාමල් රාජපක්ෂ  මහතා මේ බව කීය.

 



අදහස් (21)

පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් පහක්

Prabha Tuesday, 26 March 2024 08:41 PM

පහක් නෙවෙයි, විසිපහක් හොයාගන්න බැරිද? ඒත් දිනයි කියලාද හිතන්නේ ...?

:       0       0

ඉන්දික Tuesday, 26 March 2024 09:10 PM

කීයක් හිටියත් වැඩක් නැහැ... අන්තිමට තටමලා තටමලා රනිල්ව දමයි....

:       0       0

විදුර Tuesday, 26 March 2024 09:47 PM

ඕවා ඔයාලගේ පුද්ගලික ප්‍රශ්න, විසඳාගන්න ඒවා ගෙවල් ඇතුලේම...!

:       0       2

anuranga Tuesday, 26 March 2024 10:00 PM

ඔයත් එන්න මා පුතා, හයක් වැඩි නෑ. රටේ තව සල්ලිත් ඉතුරුවෙලා තියනවානේ, ආ මතක ඇතිව කෙහෙලියවත් අරන් වරෙන්...!

:       0       1

නිහාල් Tuesday, 26 March 2024 10:00 PM

කීයක් හිටියත් වැඩක් නෑ තමන්ගේ ඡන්දේ විතරයි...!

:       0       0

sugath Tuesday, 26 March 2024 10:25 PM

මටත් පුළුවන් ඕකේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න. හැබැයි ඉතින් මට කව්රුත් ඡන්දේ දෙන්නේ නැහැනේ...!

:       0       0

හම්බන්තොට ගව්නෙරිස් Wednesday, 27 March 2024 07:03 AM

වස්සෝ කට වහගෙන හිටු. පව්කාරයා.

:       4       30

ගිම්හාන Wednesday, 27 March 2024 07:04 AM

පහක් ඉන්නවා කියන්නෙ කිසිම සමගියක් නැහැ කියලා තමයි කවුරු කොහොම කිව්වත් ඔය තනතුර රාජපක්ෂ පවුලෙන් පිට නොයනබව නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් විශ්වාසයි යම් දිනක බස්නාහිරෙන් ඉර පෑව්වොත් මිස පක්ෂ සාමාජිකයන් රාජපක්ෂ ගැතිකමෙන් මිදෙන්නෙම නැහැ ඒ ගැතිකමේ ආදීනව ගැන අවබෝධයක් දෙන්න සක්‍රයාගේ පුත්‍ර වයිමටවත් කරන්නත් බැහැ

:       2       24

තාජුඩීන් Wednesday, 27 March 2024 08:46 AM

ඔය තමයි බඹා කෙටූ එක්කෙනා...

:       2       18

achini Wednesday, 27 March 2024 09:14 AM

රට වනසපු අමනයෝ

:       3       24

Kazi Shajahan Wednesday, 27 March 2024 09:15 AM

ඔබලාගේ අන්තිම ගැලවුම් කාරයා රනිල්,කැට තියලා කියන්නේ ඔබලාට රනිල් හැර වෙන කවුරුත් කොන්ද පන තියන කෙනෙක් නැහැ නාමලෝ

:       2       20

Bunny Preena Wednesday, 27 March 2024 09:24 AM

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා

:       2       13

ගාමිණී Wednesday, 27 March 2024 09:51 AM

හිනායන දේවල් කියන්න එපා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා. පොහොට්ටුව කවුරුත් ඉදිරිපත් කරන්නෙත් නෑ නායකයෙකුත් නෑ

:       0       16

NAMAL Wednesday, 27 March 2024 11:19 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!

:       0       2

NAMAL Wednesday, 27 March 2024 11:19 AM

වල් වහල් හැත්ත... ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි.. කළ කළ දේ... පල පල දේ...

:       0       3

sam Wednesday, 27 March 2024 11:23 AM

හානේ, ඔවුනේ ... කපුටන්, මයිනන්, සාලයින් රොකට් වගේ කට්ටිය ඇති තමයි.

:       0       2

Nimal Wednesday, 27 March 2024 12:53 PM

ඔය කියන 5 දෙනාම ආවත්, මුළු ඡන්ද වලින් 6%ක් වත් ගන්න බැහැ...

:       0       3

nimal Wednesday, 27 March 2024 02:24 PM

මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට පෙර, කරුණාකර ඔබ සහෝදරයින් තිදෙනෙකු වැඩ නොකර මිලියන ගණනක් උපයන ආකාරය හෙළි කරන්න. ඔබ කවදා හෝ ඔබේ ධනය හෙළි කර තිබේද? මුදල් විශුද්ධිකරණ කටයුතුවලට මොකද වුණේ? ඇමරිකා එක්සත් ජනපදය මුදල් විශුද්ධිකරණයට යටත්ව ඇතුළු වීමට ඔබව ප්‍රතික්ෂේප කළේ ඇයි? මාධ්‍ය හමුවලදී මේවා ගැන කතා නොකරන්නේ ඇයි? කපුටා නැවත ගුවන් යානයට පහර දීමට පෙර කරුණාකර ඔහුට රටින් පිටව යන ලෙස ඉල්ලා සිටින්න...

:       0       1

Liyanage Wednesday, 27 March 2024 03:28 PM

ඔය කයිය ගැහුවට ඇප මුදලවත් බේරාගන්න පුළුවන් එකෙක් වත් නැහැ .කෝකටත් තයිලේ රනිල් .රනිල්ටත් ඇප මුදලවත් බේරාගන්න අමාරුයි

:       0       0

fairoos Wednesday, 27 March 2024 03:33 PM

ඒ කියන්නේ තාමත් බයියෝ ජීවතුන් අතර ඉන්නවා කියන එක.කාලකන්නින්ට චන්දෙ දෙන්නනම් කවුරුත් නැති වෙයි

:       0       0

මනෝප්‍රිය Wednesday, 27 March 2024 06:53 PM

ඔබට අපේක්ෂක තෝරන්න පුළුවන්කමක් තියෙනවා නම් අවම වශයෙන් පංච සීලය රකින රටේ පමණක් නොව ජාත්‍යන්තරය ගැන දන්නා උගත් බුද්ධිමත් පක්ෂයේ සිටින ජ්‍යේෂ්ඨත්වයෙන් මුලින්ම සිටින විදෙස් පුරවැසියකු නොවන කෙනෙකුට දෙන්න පුතේ... නැත්නම් ඉතින් පොහොට්ටුවේ අවසානය තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site