(රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ කේන්දර බලන ශාස්ත්‍රකරුවන් යැයි සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
ලංකා බැංකුව සහ මහජන බැංකුව වාර්තාගත ලාභ ලබා තිබෙන බව පැවසූ සභානායකවරයා විගණකාධිපතිවරයාගේ වාර්තා අනුව ඉකුත් වසර තුන තුළ කිසිදු දූෂණයක් හෝ වංචාවක් හෙළි වී නැතැයි ද කීය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට අමතර පිළිතුරක් දෙමින් ඒ බව පැවසූ සභානායකවරයා මෙසේ ද කීය.
“පසුගිය රජය රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කළේ ශාස්ත්‍රකාරයෝයි. ක්‍රියාකාර අධ්‍යක්ෂක වූයේ කේන්දර බලන අයයි. අපි එහෙම පත් කරන්නේ නැහැ. හැම අධ්‍යක්ෂවරයෙක්ම ඒ සඳහා පත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුවයි. අපි පත්කරන්නේ හොඳ උගත් බුද්ධිමත් අය” යැයි ද කීය.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘පහුගිය ආණ්ඩුව රාජ්‍ය බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා පත් කළේ ශාස්ත්‍රකරුවන්‘
Ranga Thursday, 25 October 2018 11:15 AM
මේ ආණ්ඩුවේ පළාත් සභාවල ආණ්ඩුකාරවරියන් ලෙස පත් කරලා තියෙන්නේ කේන්දර බලන ශාස්ත්‍රකාරියන්...!
කසුන් Thursday, 25 October 2018 11:51 AM
ඉතින් ඒකනේ අපි ඔයාලව පත්කරගත්තේ !
සතයපාල Thursday, 25 October 2018 02:00 PM
සමහර තැන්වල අධයක්ෂකවරු ගෙදර වැඩට හිටි අය තමන් ආණ්ඩු කෙරුවේ එහෙම කට්ටියක් සමග බව මේ අයට බොහෝම ඉක්මණට අමතක තියන විත්තිය අපි දන්නවා.