IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පසු අස්වනු හානිය සියයට 25කින් පහලට

(අංජුල මහික වීරරත්න)

එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙරට වගා කරන පළතුරු හා එළවළු වල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා නිර්දේශිත ක්‍රම භාවිතා නොකිරීම හේතුවෙන් එම වගා පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ මට්ටමක පැවැති බව පසු අස්වනු තාක්ෂණික ආයතනය සඳහන් කළේය.

නමුත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ගන්නා ලද විවිධ තීරණ හේතුවෙන් අස්වනු හානිය අවම වී ඇතැයි එම තාක්ෂණික ආයතනය පවසයි.

ඒ අනුව බෝංචි පසු අස්වනු හානිය සියයට 40 සිට 23දක්වාත්, බණ්ඩක්කා සියයට 40 සිට සියයට 28, වම්බටු සියයට 30 සිට 20, ගෝවා සියයට 43 සිට 20, කැරට් සියයට 30 සිට 22, මාළු මිරිස් සියයට 40 සිට 25, මෑකරල් සියයට 40 සිට 20, අමු මිරිස් සියයට 40 සිට 19, කරවිළ සියයට 25 සිට 24, තක්කාලි සියයට 29 සිට 15 දක්වාත් පහළ ගොස් තිබේ.

පලතුරු අතරින් වැඩිම පසු අස්වනු නාස්තිය සිදුව ඇත්තේ ගස්ලබු හා පේරවලය. ඒ අනුව ගස්ලබු පසු අස්වනු හානිය සියයට 46 සිට සියයට 19 දක්වාත්, පේර සියයට 40 සිට 20 දක්වාත් අවම වී ඇත.

 අස්වනු නෙලීමේ නව තාක්ෂණික ක්‍රම භාවිතය මෙන්ම ප්‍රවාහනයේ දී ප්ලාස්ටික් කූඩ යොදා ගැනීම හා ඇසුරුම් කිරීමේ දී හානි අවම වන අන්දමින් කටයුතු යෙදීම නිසා පසු අස්වනු හානි අවම වී තිබේ.



අදහස් (0)

පසු අස්වනු හානිය සියයට 25කින් පහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site