IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිස්සු බල්ලො වතුරට බයයි: ආණ්ඩුව මැතිවරණවලට බයයි

(නිමල කොඩිතුවක්කු)

වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි ආකාරයෙන්ම මැතිවරණවලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

පොහොට්ටුවට හා එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ජාමේ බේරාගැනීමට බැවින් ඔවුන් එකට එකතු වී හෝ මැතිවරණ පැවැත්වීමට මැලිකමක් දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇති බවත්  ඔවුන් දෙපිරිසක් නොව එකම කණ්ඩායමක් බවත් බිංගිරිය සජබ  ආසන බලමණ්ඩලය අමතමින් ඔහු පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව දන්න කියන හැම කුමන්ත්‍රණයකම නිරත වන බවත් කිසිදු හේතුවක් නැති වුවහොත් කාලගුණයේ ප්‍රශ්නයක් හෝ කියා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ද විපක්ෂනායකවරයා කීවේය.

සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සංවිධානය කළ මෙම හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (6)

පිස්සු බල්ලො වතුරට බයයි: ආණ්ඩුව මැතිවරණවලට බයයි

sharm warn Monday, 19 December 2022 05:01 PM

මෙතන මොන බයිලා කිව්වත් වැඩක් තියෙනවද? දේශීය ආදායම් පනත කියන තොණ්ඩුව අපේ බෙල්ලට වැටෙන්න ඇරලා ආතල් ගත්තු මහලොකු විපක්ෂය.. රට හදන්න බලන් ඉන්නේ අපේ බෙල්ල මිරිකලා බදු ගහලද...?

:       2       7

මහසෙන් Monday, 19 December 2022 05:16 PM

මහදැන මුත්තයි, ගෝලයෝ ටිකයි දිනලා ආණ්ඩු හදලත් ඉවරයි. රට වටේ සමූපකාර ඡන්ද දිනන හින්දා ඕනෑවට වඩා ෆෝම් වෙන්න එපා. ඔයාවත් ඔයාගේ ගෝලයෝවත් නොවේ.. ඊළඟ තේරීම... රනිල් රාජපක්ෂලාගේම තැටියක් වෙන මෙයාට තාම තාත්තට හේත්තු නොවී නැගිටින්නත් බෑ...

:       2       4

විජේ Monday, 19 December 2022 06:29 PM

ඒක තමයි එහෙනම් අර ඒ දණ්ඩේ යද්දී කකුල් දෙක මැඩ්ලින් ගැහුවේ. මම ඒත් බැලුවා පණ්ඩිතකමට වත්ද කියලා...!!!

:       3       4

Cisco Monday, 19 December 2022 08:49 PM

විපක්ෂය ආණ්ඩු බලය ගන්න බයයි. ගෝඨා කථාකලාම අරගෙන කරන්න එපැයි

:       0       1

Bamunuarachchi Tuesday, 20 December 2022 07:02 AM

එතකොට ජනාධිපති කම නිකන් දුන්න ගන්න බය මොන බල්ලෝද ඩ්‍රයිවර් උන්නැහේ

:       0       2

anura Tuesday, 20 December 2022 07:30 AM

ඇත්තම නායකත්වයට ඔයත් බයයි නේ. පහුගිය කාලයේ අපි දැක්කානේ..................

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site