IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පස්ස දොරෙන් ලොකු පුටුවලට රිංගු ලොක්කන් දහයක් පන්නයි

 

(සුජිත් හේවාජුලිගේ )

පසුගිය ආණ්ඩු සමයේදී වැරදි ආකාරයට පත්වීම් සහ උසස් වීම් ලබා මුල් පුටු හොබවන ඉහළ පෙළේ නිලධාරී නිලධාරිනියන් දස දෙනෙකු සම්බන්ධයෙන් සුදුසු නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් සමහරුන් ස්ථාන මාරු කර යැවීමටද රජයේ අවධානය යොමුව ඇත.

මෙම දස දෙනාගෙන් සමහරුන්ට වාහන සහ මුදල් අවභාවිතාව සහ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ඇතුළු විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා පවතින බව දැනගන්නට ඇත.

ඇතැම් නිලධාරිනියන් හිටපු නායකයන්ගේ ආශිර්වාදයෙන් ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ද පසෙකට තල්ලු කර දමමින් ඉතා පහළම තනතුරුවල සිට එකවරම ඉහළට පැමිණි අය වන අතර ඔවුන්ගේ පරිපාලනය දැනුමද ඉතාම පහළ මට්ටමක පවතින බවට රජයට පෙනී ගොස් ඇත.

 



අදහස් (7)

පස්ස දොරෙන් ලොකු පුටුවලට රිංගු ලොක්කන් දහයක් පන්නයි

ගුණරත්න Saturday, 21 June 2025 10:12 AM

ඒත් මාලිමාවුන් එහෙම කරන්නේ නැතිද? දැන් ආණ්ඩුවේ ලොක්කෝ කීයක් ඉන්නවාද පැරෂුට් කාරයෝ? සමහර රජයේ ආයතනවල ලොක්කෙක් නැහැ. මොකද පෙන්දෙක් පත්කරගන්න ඕනෑකම නිසා..

:       5       1

යෝගා Saturday, 21 June 2025 10:21 AM

එතකොට කැළනි කැම්පස් එකේ ගජයෝ ටික ආණ්ඩුවේ ඉහළම පුටුවට ආවේ මොන දොරෙන්ද දන්නෑ. සමහරු ජේෂ්ඨම පරිපාලන නිලධාරීන් කී දෙනෙක් කපාගෙනද ඔය තනතුරු වලට ඇවිත් තියෙන්නේ. තමන් කරනකොට විතරක් හරි තියරිය තමයි නේද?

:       5       2

nipuna Saturday, 21 June 2025 10:54 AM

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය අනුව පහළින් ඉන්න ගොඩාක් අය දේශපාලන බලයෙන් ලොකු තනතුරු ගැනීම කාලයක් තිස්සේ වෙන දෙයක්. ඒකට මේ ආණ්ඩුව යටතේ වත් තවමත් හරිහැටි නිසි පිළියම් ලැබී නැති බව පේනවා. පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය බලද්දී...

:       0       16

Mahasen Saturday, 21 June 2025 10:57 AM

රෙද්ද උස්සලා ප්‍රෙමා්ෂන් අරන්...

:       3       13

Kusumalatha Saturday, 21 June 2025 06:40 PM

1970 න් පස්සේ ඇරඹුණු හෙංචයියන්ට රැකියාදීම විභාග ක්‍රමයට ප්‍රේමදාස ජනාධිපතිතුමා කටයුතු කළත් ඔහුගෙන් පසුව නැවතත් හිතවතුන්ට පත්වීම් දීම දේශපාලුවෝ මහාපරිමාණයෙන් කළා. ඔය අතරේ ඉහළ නිලධාරි ඔවුන්ගේ නෑදෑ හා අනියම් භාණඩ වලට උපරිමයෙන් උදව් උපකාර කර විභාග සමත්කළා. සබරගමුවේ මහසෙන් කියන ආකාරයෙන් උසස්වීම් ලැබූ කීප දෙනෙක් අනූ ගණන්වල වගේම දෙදහස් දහයට පෙරත් හිටියා. එම කාලයේ සීමිත විභාගයට විභාග දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත්වූ හය දෙනාම සමත්වුණු බව ප්‍රසිද්ධ රහසක්... වත්මන් රජය එසේ නොකරාවි කියලා බලාපොරොත්තුවක් තියෙනවා...

:       2       0

ජහමනයා Saturday, 21 June 2025 11:01 AM

මේ අලුත් ආණ්ඩුවේ පත්වීම් ගැන නෙමෙයි නේද කියන්නේ..?

:       1       10

sumal Saturday, 21 June 2025 02:07 PM

ඇත්තටම හොඳ වැඩක් සුදුස්සන් සුදුසු තැන්වලට පත්කිරීම. ජනාධිපති ලේකම්, පොලිස් අමාත්‍යංශයේ ලේකම්, බොහෝමයක් තානාපතිවරු වගේ අයටත් මේ හැන්දෙන්ම බෙදුවොත් විතරයි ඕක තවත් දේශපාලන ප්‍රොජෙක්ට් එකක් නොවන බව අපිට විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ . කොහොම වුණත් මාලිමාව කියන්නෙත් කබරගොයා තලගොයා කරන තවත් එක්තරා දේශපාලන කණ්ඩායමක් විතරක් බව දැන් මොනවාට ඔප්පු වී හමාරයි.

:       11       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site