IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාසල් විනෝද චාරිකාව මළගමකින් නිමා වේ

(අමදෝරැ අමරජීව )

පාසල් නිවාඩුවට ත්‍රිකුණාමල⁣යේ සංචාරකට පැමිණි කරුණැගල මාවතගම වටරැක මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් මාබල්බ්ච් මුහුදේ දිය නාද්දි එක් සිසුවකු සැඩ පහරට හසුවි ගසාගෙන ගොස් අතුරැදහන් වි ඇතැයි චිනවරාය පොලිසිය කියයි.

මෙම කණ්ඩායමට සිසුන් 10 ක් සිසුවියන් 12 ක් ගුරුවරයකු හා මව්පියන් තිදෙනකු ඇතුලත් වි ඇති අතර දිය නැමට සිසුන් තිදෙනකු මුහුදට බැස ඇති බව පොලිසිය කියයි.

තිදෙනා සැඩ පහරට හසුවි ගසා ගෙන යද්දී දෙදෙනකු ගුවන් හමුදා ජිවිතාරක්ෂකයන් විසින් බේරාගෙන තිබේ.

මෙලෙස අතුරැදහන් වි ඇත්තේ කුරුණැ⁣ගල,මාවතගම ,ඉගුරැවත්ත පදිංචි වටරැක මහා විද්‍යාලයේ මෙවර අ.පො.ස.(සා.පෙල) විභාගයට පෙනි සිටි බි.ජී.සුදර්ශණ ප්‍රමෝද් සුභසිංහ (17) නැමැති සිසුවාය.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් සිසුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර චිනවරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි

 



අදහස් (10)

පාසල් විනෝද චාරිකාව මළගමකින් නිමා වේ

චන්දන Saturday, 30 December 2023 01:47 PM

මෙච්චර කියනවා ගුරුවරුන්ට ළමයි වතුරට බස්සවන්න එපා කියලා. මොලේ කළඳක්වත් නැති මෙවැනි ගුරුවරුන්ටද අනාගත අධ්‍යාපනය බාර දෙන්නේ? දැන් රස්සාවත් නැති ව උසාවි ගානේ රස්තියාදු වෙන එකයි... තනිකරම නීති කැඩීමක් කරලා තියෙන්නේ....

:       74       43

RohithaSaturday, 30 December 2023 03:28 PM

නිව්ස් එක හරියට කියෙව්වා නම් තේරෙනවා එක් ගුරුවරයයි, දෙමාපියන් 3යි කියලා, එතකොට දෙමාපියන් වැරැදි නැද්ද? මේක official පාසල් චාරිකාවකට වඩා නිවාඩු දවසක ගියපු විනෝද චාරිකාවක් වගේ, චන්දන ඔහේට තමයි මොළේ නැත්තේ...!

:       5       61

චන්දන Saturday, 30 December 2023 09:15 PM

චාරිකාව ඔෆිස්සියල්ලද නැතිද කියන එක අදාල වෙලාද මෙතැන.. ගුරුවරුන් වැඩිහිටියන් සියල්ලම සිසුන් අනාරක්ෂිත තත්ත්වයට පත් කරලා... මෙහෙම අය තමයි දරුවන් යහමගට ගන්න කතා කරන්නේ... දැන් වරද අර දරුවන් අතද...? ආණ්ඩුවටම ගැලපෙන අය...!

:       0       0

AnaSunday, 31 December 2023 09:17 AM

ගුරුවරයෙකුට නිවාඩු දවසක්වත් ළමුන් සමග අවසර නැතිව චාරිකා යන්න බැහැ. මේ චාරිකාවේ සංයුතිය අනුව අවසර නැතිව ගිහින් තියෙන්නේ...!

:       0       0

විදානේගමගේ වීරසිංහ Saturday, 30 December 2023 03:48 PM

කියනදේ අහන්නේ නැති දඩබ්බර ළමයි ඉන්නවා. ඔය 22ක් ළමයි අතරෙන් තුන්දෙනෙක් විතරනේ බැහැලා තියෙන්නේ. ගුරුවරුන්ටම වරද පටවන්න එපා...!

:       6       53

Roshan Saturday, 30 December 2023 04:51 PM

කියන දේ නාහන කාලකන්නි 3 දෙනෙක් නිසා ගුරුවරුන්ට දොස් කියන්න බෑ...

:       6       40

චන්දන Saturday, 30 December 2023 09:18 PM

වගකීම ගන්න බැරි අය මොකටද මෙවැනි දේ කරන්නේ? දැන් අර ජීවිතයට වග කියන්නේ කවුද..? ඒ දරුවා සියදිවි නසාගත්තා කියලා කියන්න බැරි නෑ.. මේ අදහස් වල හැටියට...

:       0       0

pakeer Saturday, 30 December 2023 06:59 PM

මේ අය ගුරුවරු නෙවෙයි...!

:       0       0

TD Premachandra Saturday, 30 December 2023 08:31 PM

වෙන්න ඕනෑ... හැම ළමයෙක්ටම හොඳට පිහිනුම් පුරුදු කරන එක... අපේ රටේ ළමයෙක් වතුරට දාන්න දෙමව්පියන් කොච්චර බයද? මරණ ගොඩක් අඩුකරගන්න තිබ්බා... හරියට පීනන්න දන්නවා නම්...

:       0       2

ඇණයා Monday, 01 January 2024 12:03 AM

වරද ඇත්තේ ළමයින් වතුරට බස්සන්නේ නැති දෙමාපියන් අතයි, රට හැම අත ජලාශ, ගංගා රට වටේ මුහුද, පිහිනන්න දන්නා අය 1% වත් නැතිව ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site