
(සිතුම් චතුරංග)
වවුනියාව , මන්නාරම මාර්ගයේ පූවරසකුලම් කන්නාට්ටි හීදි ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වීම හේතුවෙන් මව සහ හය හැවිරිදි දියණිය ජීවිතක්ෂයටපත්ව ඇතැයි පරයානකුලම් පොලිසිය කියයි.
මියගිය මව සිය දියණිය වවුනියාව පූවරසකුලම් විදුහල වෙත යැවීම සඳහා බස්රථයක් පැමිණෙන තෙක් මාර්ගය අසලටවී බලාසිට ඇති අතර එම අවස්ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථය දෙදෙනා අනතුරට පත්කොට ඇති බවද පොලිසිය පැවසීය.
අනතුරින් බරපතල තුවාල ලැබූ මව සහ දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය සඳහන් කළේය.
එලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වවුනියාව , පූවරසකුලම් , කන්නාට්ටි හි පදිංචි සිවලෝගනාතන් සුබෝගිනි නැමති 36 හැවිරිදි කාන්තාවක හා ඇඟේ කුඩා දියණියවූ පූවරසකුලම් විදුහලේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිවලෝගනාතන් දිනුසිකා නැමති හය හැවිරිදි දැරියක වේ.


2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් යන්න සිටි මව-දියණිය ලොරියකට යට වෙති
Samatilake Samatilake Friday, 16 June 2023 08:27 PM
අහිංසක ජීවිත දෙකක්...