(ලක්මි කුඩලිගම)
උදෑසන පාසල් යමින් සිටි දොළොස් හැවිරිදි සිසුවාගේ සපත්තුවක් පා පැදියක නැගී පැමිණි නාඳුනන පුද්ගලයෙකු බලහත්කාරයෙන් ගලවාගෙන ගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.
අඟුරුවාතොට පොලිස් බල ප්‍රදේශයේ දොඹගොඩ පාසලක 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිල්ලගස්පොළ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු ඊයේ (16) උදෑසන 7.00ට පමණ තම නිවසේ සිට පාසලට පයින් ගමන් කරද්දී නිවසේ සිට මීටර් 600ක් පමණ ගමන් කළ පසු සිසුවා පසුපසින් පාපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් තමන්ව තදින් අල්ලා කකුලේ පැළඳ සිටි එක් සපත්තුවක් බලහත්කාරයෙන් ගලවාගෙන ගිය බව දරුවා පොලිසියට පවසා තිබේ.
සපත්තුවක් ගලවාගැනීමෙන් පසු දරුවා අසල ඇති වෙළෙඳසලක් වෙත ගොස් තම පියාට මේ බව දුරකථයෙන් පවසා ඇති අතර පසුව පියා පැමිණ පාසලට ගොස් විදුහල්පතිවරයාටද මේ බව පවසා දරුවා සමග පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුව අඟුරුවාතොට පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා
Bunny Preena Thursday, 18 May 2023 10:10 AM
ඵවුලෙ අය සමග හෝ දරුවාගෙ පියා සමග තිබූ කෝන්තරයකට සිදුකල දෙයක් විය හැකිය.