ගම්පහ ප්‍රදේශයේ පාසලක දුම්කොළ හා හුණු මිශ්‍ර මත්ද්‍රව්‍ය සහ ගංජා නැමැති මත්ද්‍රව්‍ය සමඟ සිසුන් දෙදෙනකු ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
එම පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු සහ 9 වැනි ශ්‍රේණියේ සිසුවකු ළඟ තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
මෙම මත් ද්‍රව්‍ය සිසුන්ට ලබා දුන්නේ කවුරුන්ද, දීර්ඝකාලිනව පාසල තුළ මෙවැනි දෑ සිදුවනවාද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවද පොලීසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පාසල් දරුවන්ගේ මව්පියන් දැනුම්වත් කිරීම සඳහා පාසලෙහි පිහිටුවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ දෙමාපිය කමිටු සාමාජිකයින් පාසල තුළ කළ සොදිසියකදී මෙලෙස සිසුන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇති අතර අනතුරුව ඒ බව නිට්ටඹුව පොලීසියට දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් අවවාද කර මුදා හැරීමටද කටයුතු කළ බව පොලීසිය සඳහන් කළේය.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් මත පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරෙන අතර, ඊට සමගාමීව බස්නාහිර පළාතේ පාසල් 100 යක මත්ද්‍රව්‍ය නිවාරණ දෙමාපිය කමිටු පිහිටුවා මේ වන විට වැඩි වශයෙන් සෝදිසි කිරීම් අරඹා ඇත.
බස්නාහිර පළාත උතුරු දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන් සිදු කෙරේ.
(36698)
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසලේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සිසුන් දෙදෙනකු අවවාද කර මුදා හරී