IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති

 (අනීෂා මානගේ) 


වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා දරුවන් 33දෙනෙකු ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වා  මාපියෝ පිරිසක් අද(17) වීරකැටිය රාජපක්ෂ මහවිද්‍යාලය අසළදී පොල් ගසා මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.‍ෙ

මාපියෝ පස් දෙනෙක් මෙලෙස මාරාන්තික උපවාසය සඳහා සහභාගී වී සිටිති. 

වීරකැටිය නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණිය සඳහා එම විද්‍යාලයට ආසන්නව පදිංචිව සිටින දරුවන් තිස්තුන්දෙනෙක් ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වමින් වීරකැටිය රාජපක්ෂ මහ විද්‍යාලය අසළ ප්‍රධාන මාර්ගයේදී මෙලෙස මාපියන් පිරිසක් පොල් ගසා මාරාන්තික උපවාසය ආරම්භ කළහ.

පාසලට ඇතුළු කර නොගත්තේ යැයි කියන දරුවන් 33දෙනා අතරින් 10දෙනෙකු පාසල් ඇඳුමින් සැරසී උපවාසය ආරම්භ කළ ස්ථානයේ රැඳී සිටි අතර දරුවන්ගේ මාපියෝ ප්‍රධාන මාර්ගයේදී දරුවන් පිළිගෙන පසුව ආගමික වතාවත් වල නිරත වුහ.

ඉන් අනතුරුව පොල් ගසා විද්‍යාලයේ විදුහල්පතිවරයාට සිය විරෝධය  දැක්වු අතර  විද්‍යාලයට ගමන්කරන මාර්ගයේ කළු කොඩි වැල් දමා ඇති ආකාරයද දක්නට ලැබිණි.


වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේ උත්සවය අද(17) දිනට යෙදී තිබිණි.


විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටියද දරුවන්ට ස්ථීර පදිංචිය නොමැති බව කියමින් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අසාධාරණ ලෙස තම දරුවන් පාසලට ඇතුළු කර නොගන්නා බව මාපියෝ පවසති.


මෙම දරුවන් 33දෙනා පාසලට ඇතුළු කරනොගැනීමට විරෝධය දක්වමින් එම දරුවන්ගේ මාපියෝ ඉකුත් 14 දින වීරකැටිය - තංගල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ .


වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්න උපාලි වීරසේකර මහතා එදින  විරෝධතාකරුවන් සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව විරෝධතාකරුවෝ විරෝධතාවය අවසන් කර විසිර ගියහ.


තම දරුවන් පාසලට ඇතුළු කරගන්නා තෙක් මෙම සටන අත්නොහරින බව මාපියෝ පවසති.



අදහස් (0)

පාසලට දරුවන් ඇතුළු කර නොගත්තැයි මව්පියෝ මාරාන්තික උපවාසයක් අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site