(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ආරම්භයේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වෙනුවෙන් වෙන් කරන පැයක කාලය නිසි ප්‍රයෝජනයට නොගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කිරීමෙන් ජනතා මුදල් නිකරුනේ විනාශ වන බවත් එය වැලැක්වීමට මැදිහත් වන ලෙසත් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා තිබේ.
ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමති මණ්ඩල රැස්වීමෙන් පසු ජනාධිපති කාර්යාලයේදීය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත, මධුර විතානගේ, ජගත් සමරවික්‍රම මහත්වරුන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සමඟ පැමිණ මෙම ඉල්ලීම කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න විමසන අවස්ථාවේ අනවශ්‍ය කරුණු ඉදිරිපත් කරමින් නියමිත කාලය අභිබවා කටයුතු කිරීම නිසා ආණ්ඩු පක්ෂය ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන අණ පනත් ඉදිරිපත් කිරීමට නොහැකි වන බව මේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත.
මෙලෙස පාර්ලිමේන්තුවේ උදෑසන කාලය කළමනාකරණය නොවීම නිසා සවස් වන විට පසුපෙළ මන්ත්‍රීවරුන්ට විවාදයේද කතා කිරීමට පවා අවස්ථාව අහිමි වන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
මේ නිසා තමන්ට විවාදවලට සම්බන්ධ වීමට ඇති අවස්ථාව අහිමිවීමෙන් අසාධාරණයක් වන බවද ඔවුන් පෙන්වාදී ඇත.
එසේම පාර්ලිමේන්තුව පැවැත්වීම වෙනුවෙන් දිනකට වැය වන ලක්ෂ 40 ට වඩා වැඩි මුදල විපක්ෂ නායකවරයා මාධ්‍යයට පෙනී සිටීමේ ආසාව වෙනුවෙන් විනාශ කරමින් සිටින බවද පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ කියා තිබේ.
එම නිසා මෙම කාරණය වෙනුවෙන් මැදිහත් වන ලෙස මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කියා ඇත්තේ මෙම කාරණය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසී සාකච්ඡා කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්
fairoos Monday, 28 August 2023 05:33 PM
අනේ පව්... පසුපෙළ මන්ත්‍රීවරුන් ජනතාව වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද?