
(බී.ජී. චතුරංග)
පොසොන් පොහොය නිමිති කරගෙන අනුරාධපුර සිට මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
අනුරාධපුරය හා මිහින්තලය අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමෙන් අනතුරුව විවෘත කිරිම හා මංගල දුම්රිය ධාවනය හෙට (17) වන දින පෙරවරු 10.00 ප්‍රවාහන අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ආරම්භ කිරිමට නියමිතව තිබේ.
මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ වැඩ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙවර පොසොන් පොහොයට දුම්රිය සේවා යෙද වීමට නොහැකි වී ඇතිි බැවින් ඒ වෙනුවට විශේෂ බස්රථ පමණක් 400ක් අතිරේකව යෙදවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් මහතා ඉකුත්දා අනුරාධපුරයේ දී පැවසීය.
කෙසේ වෙතත්, අනුරාධපුර සිට මිහින්තලය දක්වා නව කෙටි දුර දුම්රිය මාර්ගයක් ඉදිකර ඇති බවත්, මිහින්තලය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට, අනුරාධපුර සිට මිහින්තලේ දක්වාත් යලි මිහින්තලේ සිට අනුරාධපුර දක්වාත් ගාස්තු අය කිරීමකින් තොරව විශේෂ දුම්රියක් ධාවනය කිරීමට කටයුතු යොදන ලෙස ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය.
තවද කොළඹ, සිට මහව දක්වා දුම්රියෙන් පැමිණෙන මගින් හට මහව දුම්රිය ස්ථානයේ සිට අනුරාධපුර දක්වා ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බවද එම නිලධාරියා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොසොන් පොහොයට අ‘පුර-මිහින්තලේ විශේෂ දුම්රිය සේවයක්