
(අංජුල මහික වීරරත්න)
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය සුදානම් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
නවදිල්ලි නුවර පැවති 2025 NDTV ලෝක සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
“අවිනිශ්චිතභාවයන් මැද ලෝකයේ සිදුවන පරිවර්තනයන් මෙහෙයවීම” යන තේමාව යටතේ අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන දෙසුම කළාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව පිළිගෙන තිබෙන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී කීවාය.
ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් අර්බුද වලින් යථා තත්ත්වයට පත්වීමට අභියෝගාත්මක ගමනක් එන්න සිද්ධ වුණා. එහිදී විනිවිද භාවයෙන් යුතු, වගවීමක් සහ පුළුල් පාලනයක් සඳහා සාමාන්‍ය පුරවැසියන්ගේ ඉල්ලීම් අනුව වත්මන් ආණ්ඩුව පාලනය භාර ගැනීම ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍යයක් නිර්මාණය කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනය යටතේ නව රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරමින් යනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
18
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෝසත් ලංකාවක් හදන්න කාගේත් සහය ගන්නවා