(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මේ දිනවල මුන්දලම කලපුවේ පැස්තුඩුවන් (ඔටුමානා ) රංචු පිටින් සැරිසරමින් සිටිමත් සමඟ අලංකාර දසුන් මවමින් සිටින බව පරිසරයට ඇලුම් කරන්නම් පවසයි.
මෙම පැස්තුඩුවන් රංචු පිටින් මුන්දලම කලපුවේ උඩප්පුව මෝය ආසන්න හා පුලිච්චිකුලම ආසන්නයේ සැරිසරන බව ධිවරයින් පවසයි.
වියලි කලාපයේ බහුල ලෙස දැකිය හැකි මෙම පැස්තුඩුවන් තෙත් කලාපයේ ඇතැම් ස්ථානවල දැක ගත හැකි විම විශේෂත්වයකි.
කිලෝ 3 කට ආසන්න බරකින් යුත් පැස්තුඩුවන් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා වාර්තා වි ඇති නමුත් මුන්දලම කලපුව පැස්තුඩුවන්ට නිදහස් පරිසරයක් සකසා දි ඇත්තේ කිසිවකුගේ හිරිහැරයනට මෙම කලපු තිරයේ කල් නොවිම නිසා බව ධිවරයෝ පවසති.
ජ්‍යෙෂ් පරිසරවේදි නිතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවට ආවේණික නොවන පැස්තුඩුවන් ආසියා කලාපයේ ඉන්දියාව , බංගලිදේශය , පිලිපිනය , ඇතුළු රටවල දැක ගත හැකි නමුත් එම රටවල් තුල මේ වන විට පැස්තුඩුවන් ගහණය අඩුවෙමින් තිබෙන බවයි.
එසේම ශ්‍රී ලංකාව තුල පැස්තුඩුවන් ගහණය ඉහල මට්ටමක පවතින බවද මේ වන විට වදවියාමේ දැඩි තර්ජනයට ද මෙම දැවැන්ත පක්ෂීයා ලක්වී ඇති බව ජගත් ගුණවර්ධන මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැස්තුඩුවෝ මුන්දලම කලපුව හැඩකරති