IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාව ලාදුරු තුරන් කළ රටක් වශයෙන් සහතික කර ඇතත් පසුගිය වසරේ ද ලාදුරු රෝගීන් 1,325 දෙනකු වාර්තා වී ඇතැයි ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්ෂිකව ලාදුරු රෝගීන් 2,000ක් පමණ වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.

වාර්තා වන රෝගීන්ගෙන් සියයට 10ක් පමණ වයස අවුරුදු 15ට අඩු ළමයින් බව ද eවෛද්‍යවරයා කීවේය.

එම රෝගීන්ගෙන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එයිනුත් සියයට 50ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇතැයි ද පැවසීය.

ශරීරයේ සමේ පැහැයට වඩා පැහැයෙන් අඩු සැක සහිත ලපයක් ඇත්නම් ළඟම ඇති රජයේ රෝහලේ සමේ රෝග සායනයට ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු බව කී වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ වෙනම මධ්‍යම ලාදුරු සායනයක් තිබෙන බව ද සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1,325ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site