IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පසුගිය වසරේ ඉතිරි ගල්අඟුරු ඇනවුම් කරයි

 

(යොහාන් භාසුර)

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ හදිසි අවශ්‍යතා සඳහා පසුගිය වසරේ ඉතිරිව ඇති ගල්අඟුරු ටෙන්ඩරයෙන් ඇණවුම් කරන බවත් ඒ සඳහා වන පළමු ඇණවුමට අත්තිකාරම් මුදල් අද (26) ගෙවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලි ජනනයට අවශ්‍ය සම්පූර්ණ ගල්අඟුරු අවශ්‍යතා සඳහා දීර්ඝ කාලීන ටෙන්ඩරය කැඳවීමට ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

පසුගිය වසරේ ගල්අඟුරු ටෙන්ඩරයෙන් තවත් ඇනවුම් 19 ක් ඉතිරිව තිබෙන බව බලශක්ති අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුණි.

විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ගල්අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමෙන් එය අහෝසි කළ අතර ගල්අඟුරු අවශ්‍යතාව සපුරා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව තිබුණි.



අදහස් (1)

පසුගිය වසරේ ඉතිරි ගල්අඟුරු ඇනවුම් කරයි

ravin Monday, 26 September 2022 10:27 PM

ඒ කොමිස් එක මදිද? ඉතුරුවා ඇණවුම් නොකර හිටියේ? ගාණ වැඩි කරලා කොමිස් ගහන්නද පුතාලා ටික..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 339 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site