IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාස්කු සමාන ප්‍රහාරයක් ඉන්දියාවේත් ක්‍රියාත්මක වෙලා?

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ කොයිම්බතුර් හි දේවාලයක් ආසන්නයේ පසුගියදා  මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පිපිරී යෑමෙන් මියගිය 25 හැවිරිදි ජමීෂ මුබින්, 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ ජාලයේ සාමාජිකයකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය.

පාස්කු දින ප්‍රහාරය මෙන් මෙම සැකකරු ත්‍රස්තවාදී ප්‍රහාරයකට සූදානම් වූවා දැයි සැකයක් පවතින බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය.

කොයිම්බතුර් දේවාලයේදී පුපුරවා ගැනීමට පැමිණ එය අසාර්ථක වූවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව කොයිම්බතුර් පොලිසිය සඳහන් කළේය.

සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්න අමු ද්‍රව්‍ය සොයා ගත් බවත් මෙම සැකකරු තමිල්නාඩු තව්හිද් ජමාත් සංවිධානයේ දේශනවලට මුස්ලිම් පල්ලියකදී සහභාගී වී ඇති බවත් කොයිම්බතුර් පොලිසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු කොයිම්බතුර් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් අතර සිටින මොහොමඩ් අසරුදීන් නැමැත්තා සහරාන් හෂීම් සමග සබඳතා පවත්වා ඇති අයෙක් බවත් තරුණයින් බඳවා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන බවත් කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය.

 



අදහස් (8)

පාස්කු සමාන ප්‍රහාරයක් ඉන්දියාවේත් ක්‍රියාත්මක වෙලා?

Bamunuarachchi Wednesday, 26 October 2022 07:36 AM

දැන් මහා මොලකරුවා මොදීද? ඒ රටේ කාදිනල්ගෙන් අහමු. එක අපිට අදාළ නැහැ කියා හිතන්න එපා. ලබ්බට තිබ්බ අතමයි පුහුලට තිතියන්නේ කියන සිංහල කියමන මතක් කරගන්න. මීට කලින් 2008 නොවැම්බර් 29 දී සිදුවූ මුම්බායි හෝටල් ත්‍රස්ත ප්‍රහාරය දැන් මතක නැතුව ඇති.

:       19       10

fairoosWednesday, 26 October 2022 01:44 PM

රාජපක්ෂලා කියන, කරන හැම එකටම හරි කියන මේ වගේ බයි වහල්ලු ඉන්නකන් ලංකාව මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක පුදුමයි. මෝඩ හරක්...!

:       0       6

BamunuarachchiWednesday, 26 October 2022 05:50 PM

හම්බයින්ගේ ත්‍රස්ත ක්‍රියා ගැන කියනකොට හම්බයින්ට තද වෙනවා. ඒවාට අපි බය නැහැ. මේක අපේ රට. හම්බ්යින් මෙරටට හම්බන්තොටින් අනවසරයෙන් ආපු අය...

:       0       0

Bamunuarachchi Wednesday, 26 October 2022 07:41 AM

බමුණුආරච්චි කිව්වා මතකද පාස්කු ප්‍රහාරය ඔවුන්ගේ ආගමික ප්‍රහාරවල පළමු එකවත් අවසාන එක හෝ නොවේ කියලා. මේකේ මහා මොලකායරයා මැරිලා අවරුදු 1400 ට වැඩී. මහා මොලකායරයාගේ පොත කියවන හැම එකාම ආගමික ත්‍රස්තයෝ. 2008 නොවැම්බර් 29 දී සිදුවූ මුම්බායි හෝටල් ත්‍රස්ත ප්‍රහාරය දැන් මතක නැතුව ඇති.

:       11       10

Senaka Wednesday, 26 October 2022 08:07 AM

රාජපක්ශල තමයි කෙරුවේ කියල හිතන් ඉන්න කාඩිනල්ගේ උන්දැලගේ ඇස් ඇරෙන්නේ ලංකාවට තව දෙතුන් පාරක් වැදුනම තමයි. සිංහලයා මෝඩයා කියන්නේ නිකන් යැ. රාජපක්සල හරක් උනාට හරියටම උනේ මොකද්ද කියල තේරුම් නොගත්තොත් ලංකාවෙ ඉතුරු ටිකටත් යන්න ඉක්මනටම පාස්පෝර්ට් හදා ගන්න වෙනව.

:       31       11

BamunuarachchiWednesday, 26 October 2022 06:03 PM

හරියට තේරුම් ගන්න රාජපක්ෂලා මොන බම්බුවකටද? 1915 හම්බ කෝලාහලය සිදුවුනෙත් රාජපක්ෂලා නිසාද? පාස්කු ප්‍රහාරයට කලින් අල්ලපු ටික බේරාගෙන ගියේ රාජපක්ෂලාද? රනිල්ලා පාස්කු පරාහරය සිදුවීම නොසලකා හැරියේත් සහරාන් හා අනුගාමිකයෝ බෝම්බ පුපුරවාගෙන මැරුනේ රාජපක්ෂලා බලයට ගෙනෙන්නද? හරියට තේරුම් ගන්න ලෝකේ සිදුවීම් දිහා බලනවා. ISIS ප්‍රහාර, සුන්නි මුස්ලිම් ෂියා මුස්ලිම් මරණ හැටි, මුම්බායි හෝටල් ත්‍රස්ත ප්‍රහාරය, නවසීලන්තයේ අල්ලා අක්බර් කියමින් කළ පිහිඇනුම. ඇමරිකාවේ ට්වින් Towers වලට කළ ප්‍රහාරය..., කොටින්ම කුරුස යුද්ධය ගැන කියවලා තේරුම් ගන්න...

:       0       0

බද්රානි Wednesday, 26 October 2022 02:15 PM

මම මේ නොදන්නා නිසයි අහන්නේ, ලංකාවෙ සහරාන්ට වගේ, මේ පුද්ගලයාටත් ඉන්දීය බුද්ධි අංශයෙන් වැටුප් ගෙවලා තියනවද? ඔහු හිටපු ඉන්දියාවේ බුද්ධි අංශ සාමාජිකයෙක්ද? ඔය කාරෙක ඇතුලේ පිපිරිලා තියන සිලින්ඩර දෙක පිපිරෙන්න කලින් එරට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ව දැනුවත් කරලා එහෙම තියනවද? බුද්ධි අංශ දැනුවත් කිරීම් වලදී, "ඒක අපේ වැඩක්" යයි පවසා තියනවද? ගෑස් සිලින්ඩර පිපිරීම හා බෝම්බ ගැසීම එක හා සමානද? පහුගිය කාලේ ලංකාවේ කුස්සි වලත් පිපිරුනු සිලින්ඩරත් බෝම්බ ප්‍රහාරද? ලංකාවේ පාස්කු බෝම්බ ගහන්න තාක්ෂණය ලබා දුන්නු මහමොකරුවන්ට දැනටමත් දඬුවම් ලැබිලා තියනවා. මම හිතන්නේ ස්වභාව ධර්මය තවම ඔවුන්ට දඬුවම් දෙන්න පටන් ගත්තා පමණයි. නීතියත් බල්ලන්ගේ අතට පත්වූ රටක පාස්කු ප්‍රහාරකයින්ට මොන දඬුවම්ද? මේ වගේ අමනයින්ට ඊළඟට ගහන්නේ බෝම්බ නෙමේ, හෙණ!!!!!

:       0       1

chandima Wednesday, 26 October 2022 03:57 PM

එහෙනම් එහෙත් කාදිනල් තුමා ආන්ඩුව පෙරලගන්නකල් මස් රාත්තලම ඉල්ලල කෑගහන්ඩ ගනිවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 298 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site