(යොහාන් භාසුර)
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන කළ රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර නම් කර ඔවුන් තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් නොකළ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මාරුකළ එවැනි නිලධාරීන් සමූහය තනතුරුවලට නැවත පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලීමක් කළ බව ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා අද (20) පැවසූහ.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා එසේ පැවසූහ.
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර’ පිළිබඳව විමර්ශන නිසියාකාරව කිරීම සඳහා එම ප්‍රහාර පිළිබඳව දැනුම තිබූ පරණ හිටපු නිලධාරීන් නැවත තනතුරුවලට පත්කරන ලෙස කාදිනල්වහන්සේ ඉල්ලිමක් කළ බවත් කාදිනල්වහන්සේ නිලධාරීන් නම් කර කිසිම රජයකට ඉල්ලිමක් හෝ බලපෑමක් නොකළ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ගෝඨාභය ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කළ රාජ්‍ය නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් රාශියක් මාරු කළ බවත් ඒ අනුව අලුතින් පත්වූ නිලධාරීන් සතුව විමර්ශන කිරීමට තොරතුරු නොමැතිවීම නිසා විමර්ශනයට අසාධාරයක් වීම නිසා එම ඉල්ලීම කළ බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා කීහ.
රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහත්මයා ධූරයෙන් පහකිරීම පමණක් ප්‍රමාණයත් නොවන අතර ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශවලට අනුව දණ්ඩ නීති සංග්‍රහයට අනුව ඔහුට විරුද්ධව නඩු පැවරිය යුතු බවත් ඔහුට විරුද්ධව නඩු පවරන ලෙස ජනාධිපතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් සහ සී.අයි.ඩී. භාර ප්‍රධානියාගෙන් ඉල්ලා සිටින බවත් පියතුමා පැවසූහ.
නිලන්ත ජයවර්ධන මහත්මයා ‘පාස්කු’ බෝම්බ ප්‍රහාර සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙක් බවත් එවකට ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහත්මයා ආරක්‍ෂක අමාතයවරයෙක් හෝ පත්නොකර සිංප්පූරුව බලා යද්දී බෝම්බ ප්‍රහාර පිළිබඳව තොරතුරු ජනාධිපතිවරයා දැනුවත් නොකිරීම විශාල වගකීමක් පැහැරහැරීමක් බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසූහ.
එම වැරදට නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වසර හයක් තිස්සේ රජයන් තුනකින් ඉල්ලීම් කළ ද එම රජයන් තුනම එය පැහැරහැරි බව කී ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා පැවසුවේ එම ඉල්ලීම පැහැරීමට අමතරව එවැනි ආකාරයේ චෝනාවක් තිබෙන නිලන්ත ජයවර්ධන වසර හයක් තිස්සේ එම තනතුරේ තියාගෙන සිටි බවත්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘පාස්කු ප්‍රහාර’යේ විමර්ශන කළ නිලධාරීන් පත්කරන්න ඉල්ලීමක් කළා
ගුණරත්න Sunday, 20 July 2025 10:25 PM
හම්මේ, එතකොට ලියුම මෙසේ උඩ තියන් මොකුත් නොකර හිටි එකා බබා?
Harimanis Monday, 21 July 2025 09:04 AM
කාදිනල් මේ ප්‍රශ්නයට මෙච්චරම දඟලන එක හොඳයි .
MDO Monday, 21 July 2025 10:25 AM
ඡන්ද අල්ලස් දීම හා ගැනීම සම්බන්ධයෙන් අගරදගුරුතුමා ඇතුළු කතෝලික සභාව සහ ජනපති ප්‍රධාන ඵම කර්තව්‍යයට සම්බන්ධ සියලුම රජයේ මැතිඇමතිවරු වගේම රාජ්‍ය නිලධාරීන්ට වහාම අල්ලස් කොමිසම අදම ඔවුන්ට විරුද්ධව නඩුපවරා අදම අත් අඩංගුවට ගන්න.මැතිවරණ කොමසාරිස් දැනුවත් කරන්න.
යෝගා Monday, 21 July 2025 11:34 AM
තමන් වෛර කරන කෙනා තමයි මහ මොළකරු කියලා ඔප්පු කරගන්න නොකරන බලු වැඩක් නෑ. කවුරු පත්කර ගත්තත්, බොරු සාක්කි හැදුවත් ජයගන්නේ සත්‍ය විතරයි හලෝ. පොඩ්ඩක් තේරුම් ගන්නවලා.