IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරයේ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුව විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන  බෝම්බ ප්රතහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව විභාගයට ගැනීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (28) තීරණය කළේය.

නඩුවේ 17 වැනි විත්තිකාර යාසිම් බාවා අබුදුල් රවුෆ් නමැත්තා මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගොස් ඇති බව නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරු මඩුල්ල එම විත්තිකරු සම්බන්ධයෙන් ඇති චෝදනා සංශෝධනය කිරීමටද නියම කළේය.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත :සභාපති* අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්රිුපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවන ලදී.

2019 අප්රේ්ල් 21 වෙනිදා සහ ඊට ආසන්න කාලය තුළ ලංකාවේ විවිධ ප්රවදේශවල දී පාස්කු ඉරිදා කතෝලික පල්ලිය හා  තරු පහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්රනහාරයක් එල්ල කිරීමට කුමන්ත්රාණය කිරීම ඒ අනුව සූදානම් වීම මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දීම අනුබලදීම පුපුරන ද්රනව්යර සහ ගිනි අවි රැස් කිරීම රැස් කිරීම මිනීමැරීම හා මිනීමැරීමට තැත් කිරීම් ඇතුළු කිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටටින්නේ මොහොමදු ඊබ්‍රාහිම් මොහොමදු නවුෆර්, මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා, නයාතු මොහොමදු අහමදු මිල්හාන් හෙවත් අබු සිලා, මොහොමද් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමද් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිෆ්කාන් හෙවත් අබු තාරික්, මොහොමඩ් මන්සුර් මොහොමඩ් සනස්දීන් හෙවත් තයිබු, අබුදුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස්, මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාජිත්, අබ්දුල් ලතීෆ් මොහොමදු සාෆි හෙවත් සාෆි මව්ලවි, හුසෙනුල් රිස්වි කාලිද් සමීර්, මොහොමද් ස්වාහීර් මොහොමඩ් හසන්, මොහොමද් ඉෆ්තිකාර් මොහොමද් ඉන්ෂාෆ්, රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්, මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්, යාසිම් බාවා අබුදුල් රවුෆ්, රාසික් රාසා හුසෙියින්, කව්චි මොහොමදු ජෙම්සීන්, සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්, මොහොම්ඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන්, මීරා සහිබ් මොහොමඩ් නෆ්ලී, මොහොමඩ් අමීර් මොහම්මදු අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර්ඩීන් මොහොමඩ් ඉල්මී සහ මොහොමඩ් අක්‍රම් අහත්කම් නමැත්තන්ටය.



අදහස් (2)

පාස්කු ප්‍රහාරයේ මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුව විභාගයට

A.k Tuesday, 28 February 2023 08:10 PM

මෙයාලගේ සාස්තෘවරයා මිනිස් ජීවිතයක වටිනාකම දන්න නිසා අපරාදකාරයෙකුටත් සමාව දෙන්න විදිහක් හැදුවා. ඒකට මේ නාකි මිනිස්සුටික.....

:       1       1

sujeewar Wednesday, 01 March 2023 10:47 AM

කිසිදිනක ත්‍රස්තවාදයට විරුද්ධ නොවී ත්‍රස්තයන් පරාජය කළ නිලධාරීන්ව දංගෙඩියට යැවීමට කැස කැවූ අය හා NGO නඩය, මෙහිදීද බලධාරීන්ට එරෙහිව මහ ඉහළින් ප්‍රකාශ නිකුත් කළද කිසිවිටක විනාශය කල අයට විරුද්ධව ප්‍රකාශ නිකුත් නොකරනු ඇත.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site