IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරය: ජනපති රනිල් වගඋත්තරකාරභවින් ඉවත් කරනවාද නැද්ද?: තීරණය කල්යයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත්කරනවාද නැද්ද යන්න පිළිබද නියෝගය ප්‍රකාශයට පත් කිරීම සත්පුද්ගල විනිසුරු මඩුල්ල අද (02) පසුවට කල් තැබීය.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (02) විභාගයට ගත් අවස්ථාවේදි මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී වගඋත්තරකාර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වී ඇති බැවින් ඒ මහතා මෙම පෙත්සම්වල වගඋත්තරකාර භාවයෙන් ඉවත් කළ යුතු බව අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට විරෝධය දක්වමින් කරුණු දැක්වූ ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතීඥ සාලිය පිරීස් මහතා ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට මුක්තිය ඇත්තේ සිවිල් සහ අපරාධ නඩු සම්බන්ධයෙන් පමණක් බවත් මෙය පෙත්සම් මූලික අයිතිවාසිකම් පෙත්සම් බැවින් ඔහුට එරෙහිව පවතින නඩු දිගටම පවත්වාගෙන යා යුතුව ඇති බවත්ය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ ශමිල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතාගේ කරුණුවලට එකගවන බවත්, ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව දිගටම පවත්වාගෙන යා යුතුව ඇති බවත්ය.

නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නවාන මහතා ප්‍රකාශ කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට මුක්තිය හිමිව ඇති බැවින් ඊට එරෙහිව නිල මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් නඩු කටයුත්තක් පවත්වාගෙන යා නොහැකි බවත්ය. ඒ අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින ජනාධිපතිවරයා නිදහස් කළ යුතුව ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙහි නියෝගය ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන බවට දැනුම් දුන්නේය.



අදහස් (2)

පාස්කු ප්‍රහාරය: ජනපති රනිල් වගඋත්තරකාරභවින් ඉවත් කරනවාද නැද්ද?: තීරණය කල්යයි

ganegoda Tuesday, 02 August 2022 05:29 PM

අපිත් රනිල් ගැන හැම තීරණයක්ම කල් දානවා.

:       0       4

kamal Wednesday, 03 August 2022 09:53 AM

නිදොස් කොට නිවහල් කරන්න. අපි බත් කනඑක නවත්තලා දැන් අවුරුදු දෙකක් වෙනවා. අපිට ගැලපෙන දේශීය පුන්නක්කු වලට ගහන්න දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site