(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය විමර්ශනයක් අවශ්‍ය බව සමගි ජන බලවෙිගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අරඹමින් නිරෝෂන් පෙරේරා මහතා කීවෙි සත්‍ය හෙලි කර ගැනීම සඳහා දේශිය යාන්ත්‍රණයක් මඟින් ප්‍රමාණවත් උත්සාහයක් නොගැනීම නිසා විදේශීය විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවද මේ පිළිබඳව දේශීය වශයෙන් පරීක්ෂණ රැසක් සිදුවී ඇති නමුත් කිසිදු ඵලක් ලැබී නැති බව ද මන්ත්‍රීවරයා කීය.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් ප්‍රකාශ කරන ලද වීඩියෝවකින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද බවට චෝදනා එල්ල කර තිබෙන බවද නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
වසර හතරකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් පාස්කු ප්‍රහාරය සඳහා සෘජුව වගකිව යුතු පාර්ශව හඳුනා ගැනීමටත් ප්‍රහාරයේ අරමුණ හෙළි කිරීමටත් රජය අපොහොසත් වී තිබෙන බව මන්ත්‍රීවරයා කීය.
ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආරක්ෂක අංශවල අය තවමත් තනතුරු දරමින් සිටින අතර ඔවුන් තාවකාලිකව තනතුරුවලින් ඉවත් කර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බවද නිරෝෂන් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාස්කු ප්‍රහාරය ගැන විදෙස් පරීක්ෂණයක් ඉල්ලයි
C.K.Lankaputhra Thursday, 21 September 2023 12:41 PM
මන්ත්‍රීතුමනි, ඔබේ වචන අපි නොවක් අගයමු. මේ රටේ සුවාසූ දහසක් ජනතාවගේ, (69 ලක්ශය ඇතුලුව) එක හඩින් ඉල්ලා සිටින්නේ දේශපාලන ජයග්‍රහණය වෙනුවෙන් ඩැහැගත් අහිංසකයන්ට සාදාරනය ඉශ්ට කරන ලෙසයි. එනම් වගකිව යුත්තන්ට දඩුවම් කරන ලෙසටයි.
Aravinda Monarawila Thursday, 21 September 2023 01:13 PM
මෙගොල්ලොත් හරි කැමති ආන්ඩුව දෙන ටොපිය හප හපා ඉන්න, වැඩකට නැති මොන්ගල් විපක්ශය.